විදෙස්

ටොනේඩෝ තත්ත්වයකින් ඇමරිකාවේ18 දෙනෙකු මරුට(වීඩියෝ)

(උදයම්,ඇමරිකා ) –  ටොනේඩෝ තත්ත්වයක් හේතුවෙන් ඇමරිකාවේ පුද්ගලයන් 18 දෙනෙකු මියගොස් තිබේ.

මිසිසිපි සහ ජෝර්ජියා ප්‍රාන්තවලට මෙම කුණාටු තත්ත්වයෙන් දැඩි බලපෑමක් එල්ලවී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ජෝර්ජියා ප්‍රාන්තයේ ටොනේඩෝ තත්ත්වය හේතුවෙන් 12 දෙනෙකු මියගොස් ඇත.

ජෝර්ජියා ප්‍රාන්ත ආණ්ඩුකාර නේදන් සීල් ප්‍රාන්ත 7කට හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් වාර්තා වල දැක්වේ .

ටොනේඩෝ තත්ත්වයත් සමඟ තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවටද වාර්තාවේ.

ඉදිරියේදී තවත් ටොනේඩෝ සහ සුළි කුණාටු තත්වවලට මෙම ප්‍රාන්තවල ජනතාවට මුහුණදීමට සිදුවනු ඇති බවට එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවා ඇත.

Related posts

කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් 2 ක් ඉන්දියාවෙන්

Mohamed Dilsad

ඉන්දියාවේ බස්රථ අනතුරක්.හතලිස් හතරක් මරුට

Mohamed Dilsad

යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඕද්රි අසූලේ මහත්මිය ශ්‍රී ලංකාවේ සංචාරයක

Editor O

Leave a Comment