ප්‍රමුඛ පුවත 1

ආයුර්වේද රෝහල්වල ඖෂධ හිඟය මඟහැරවීම සඳහා මෘදුකාංගයක්

(උදයම්,කොළඹ)   –  දිවයින පුරා පිහිටි ආයුර්වේද රෝහල්වල ඖෂධ හිඟය මඟහැරවීම සඳහා මෘදුකාංගයක් හඳුන්වාදීමට රජය සුදානම් වෙයි.

ඒ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසුවේය.

බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහලේ පැවැති සාකච්ඡාවක දී සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
දිවයින පුරා පිහිටි මහා රෝහල්, ශික්ෂණ රෝහල්, දිසා රෝහල්, ප්‍රාදේශීය රෝහල්වලට ද එවැනි මෘදුකාංගයක් හඳුන්වාදීමෙන් ඖෂධ හිඟය මඟහැරවූ බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

දේශීය ආයුර්වේද වෛද්‍ය උපාධිධාරීන් බිහි කිරීම සඳහා දැනට ක්‍රියාත්මක විෂය නිර්දේශය සංශෝධනය කරන බවද ඒ මහතා කියා සිටියේය.

ආයුර්වේද රෝහල්වල දෛනිකව ඖෂධ හිඟයක් ඇතිවන බව මෙම සාකච්ඡාවේ දී අනාවරණය වූ අතර එම ඖෂධ හිඟය මඟ හැරවීම සඳහා මෘදුකාංගයක් හඳුන්වාදීමට මෙහිදී යෝජනා කෙරුණි.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ ව්‍යාජ වෛද්‍යවරුන් ද බිහි ඇති බැවින් ඉදිරියේ දී ඔවුන් හඳුනාගෙන ඉවත් කිරීමට පියවර ගැනීමට නියමිත බවද අමාත්‍යවරයා  කියා සිටියේය.

 

Related posts

උතුරේ පළාත් ආණ්ඩුකාරවරයා කැනඩා රාජ්‍ය මහ කොමසාරිස්වරයා හමු වෙයි

Mohamed Dilsad

තැපැල් වර්ජනයට වෘත්තිය සමිති 18 ක සහය

Mohamed Dilsad

වාහන ආනයනයට පැනවුණු සීමාවන් ක්‍රමානුකූලව ඉවත් කිරීමට සුදානම් – මුදල් ඇමති

Mohamed Dilsad

Leave a Comment