Trending News

මූල්‍ය කළමනාකරණයේදී පාරිශුද්ධභාවය සහ විනිවිදභාවය ආරක්ෂා කරන්න කැපවෙනවා – ජනපති

(උදයම්,කොළඹ)  –  මූල්‍ය කළමනාකරණයේදී තිබිය යුතු පාරිශුද්ධභාවය සහ විනිවිදභාවය ආරක්ෂා කිරීමට රජය කැපවී සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඊයේ(17) කොළඹදී ආරම්භ කෙරුණු මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ 20 වන වාර්ෂික සමුළුවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

මුදල් විශුද්ධිකරණය පිලිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ 20 වන වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්ඊයේ (17) කොළඹ දී ආරම්භ විය.

සාමාජික රටවල් 41 ක් සහ විවිධ අන්තර්ජාතික නිරීක්‍ෂණ සංවිධාන රැසක නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුව අද සිට ජූලි 21 වනදා දක්වා කොළඹදී පැවැත්වේ.

මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, නීතිපති ජයන්ත ජයසූරිය යන මහත්වරුන් ද, මුදල් විශුද්ධිකරණය පිලිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ විධායක ලේකම් ගෝඩ්න් හුක් මහතා ඇතුළු එහි නියෝජිතයෝ මෙම සමාරම්භක උත්සවයට එක්ව සිටියහ.

එහිදී වැඩිදුරත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් සෑම රටක්ම මුහුණදී සිටින අභියෝග ජය ගැනීමට නම් ඒ පිළිබඳ ජාතික සහ අන්තර්ජාතික වශයෙන් ඇති කර ගත් එකඟතා නිසි අයුරින් ක්‍රියාත්මක කිරීමට සියලු රටවල් කැපවිය යුතු බවයි.

Related posts

English translation of ‘Mahawanshaya’ launched

Mohamed Dilsad

“Religious fanaticism or racism not allowed” – Prime Minister

Mohamed Dilsad

බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තු මැතිවරණය අද 04

Editor O

Leave a Comment