කලා

කිම් කර්ඩෑෂියන්ගේ පැරිසියේ පිහිටි නිවහනෙහි සිදුවූ දැවැන්ත මංකොල්ලයට සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට

ලෝක ප්‍රකට නිරූපිකාවක වන කිම් කර්ඩෑෂියන්ගේ පැරිසියේ පිහිටි නිවහනෙහි සිදුවූ දැවැන්ත මංකොල්ලයට සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට ගැනේ.

පසුගිය සතියේ ප්‍රංශ පොලීසිය මෙම  මංකොල්ලයට සම්බන්ධ යැයි සැක කෙරෙන පුද්ගලයින් 17 දෙනකු අත්අඩංගුවට ගනන ලදී.

එරට පොලිස් නිලධාරීන් පවසන්නේ අවුරුදු 23ත් 72ත් අතර වයස් කාණ්ඩවල පසුවන මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත්තේ පැරිස් නුවර විවිධ ස්ථානවලදී බවයි.

සැකකරුවන්ගේ අනන්‍යතාව මීට වඩා හෙළි කිරීම අපහසු බව ප්‍රංශ පොලිසිය පවසයි.

කිම් කර්ඩෑෂියන්ගේ පැරිසියේ පිහිටි නිවෙසින් මෙම ස්වර්ණාභරණ තොගය අතුරුදන් වූයේ පසුගිය ඔක්තෝබර් 3 දායි.

වාර්තා වූ ආකාරයට එදා කිම්ගේ නිවසින් ඩොලර් මිලියන 11ක් වටිනා ස්වර්ණාභරණ අතුරුදන් වී තිබේ.

කිම් තම නිවෙසෙහි සිටිද්දී එයට ඇතුළු වූ මංකොල්ලකරුවන් ඇයට පිස්තෝලයක් එල්ල කර නාන කාමරය තුළට දමා මේ මංකොල්ලය සිදුකර තිබුණි.

 

Related posts

‘බ්ලැක් පැන්තර්’ දෙවන්නට මාටින් ෆ්‍රීමන්ට අවස්ථාවක්

Mohamed Dilsad

හොලිවුඩයට අභියෝග කරන මරාති සිනමාපටයක්

Mohamed Dilsad

ශිවන්‍යාගේ සහ රිතික්ගේ ඔබ නොදුටු නර්තනයක්(වීඩියෝව)

Mohamed Dilsad

Leave a Comment