ක්‍රීඩා

22 වන ආසියනු මලල කී‍්‍රඩා ශූරතා තරගාවලිය අද ඉන්දියාවේදී

(උදයම්,ඉන්දියාව)   –  22 වන ආසියනු මලල කී‍්‍රඩා ශූරතා තරගාවලිය ඉන්දියාවේ ඔඩිෂා ප‍්‍රාන්තයේ බුබනේෂ්වර් කාලිංග කී‍්‍රඩාංගණයේදී අද (06) ආරම්භ වීමට නියමිතය.

රටවල් 45ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 800ක් පමණ මීට සහභාගී වෙති.

මෙවර ආසියානු මලල ශූරතා තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 22 දෙනෙක් සහභාගි වී සිටිති.

 

මෙවර ආසියානු මලල කී‍්‍රඩා තරගාවලියේ පදක්කම් බලාපොරොත්තු තබා ගත හැකි ශී‍්‍ර ලාංකික කී‍්‍රඩිකාවන් කිහිපදෙනෙකුම සිටින බව ක්‍රීඩා විචාරකයින් පවසයි.

කාන්තා මීටර් 800 ධාවන ඉසව්වට එක්වන නිමාලි ලියනාරච්චි මෙන්ම කාන්තා හෙල්ල විසි කිරීමේ ඉසව්වට එක්වන දිල්හානි ලේකම්ගේ පදක්කම් බලාපොරොත්තු රඳවා ගත හැකි ශී‍්‍ර ලංකා කී‍්‍රඩිකාවන් දෙදෙනෙකි.

පිරිමි මීටර් 400 හතර සහාය දිවීමේ ඉසව්වෙන්ද පදක්කමක් බලාපොරොත්තු විය හැකි බවයි ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා සංගමය සඳහන් කරයි.

 

ආසියානු මලල කී‍්‍රඩා ශූරතා තරගාවලි ඉතිහාසයේ ශී‍්‍ර ලංකාව  මේ දක්වා   දිනා ඇති මුළු පදක්කම් සංඛ්‍යාව 50ක්.

ඊට රන් පදක්කම් 18ක්, රිදී පදක්කම් 13ක් සහ ලෝකඩ පදක්කම් 19ක් ඇතුළත්ය.

 

Related posts

එංගලන්තයට නොසිතූ පරාජයක්

Mohamed Dilsad

ඔස්ට්‍රේලියානු සංචාරයේ පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක පත්කරයි

Mohamed Dilsad

අනතුරකට මුහුණදුන් ස්මිත් සෙසු තරගවලින් ඉවතට

Mohamed Dilsad

Leave a Comment