ප්‍රමුඛ පුවත 1

අග්‍රාමාත්‍යවරයා සහ එරික් සෝල්හයිම් අතර සාකච්ඡා

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ අධ්‍යක්ෂ එරික් සෝල්හයිම් මහතා අතර සාකච්ඡාවක් ස්විට්සර්ලන්තයේ දී පවත්වා තිබේ.

ලෝක ආර්ථික සමුළු කේන්ද්‍රස්ථානයේ දී මෙම සාකච්ඡාව පවත්වා ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ හරිත ආර්ථිකයක් හා හරිත මූල්‍ය පරිසරයක් සැකසීම සඳහා විශේෂඥ උපදෙස් ලබාගැනීම පිළිබඳ මෙහිදී සාකච්ඡා වී තිබේ.

මෙම හමුවේ දී වන වගාවන් පිළිබඳව ද අවධානය යොමුව ඇති අතර සංවර්ධන ව්‍යාපෘති සඳහා ‘වන වගා‘ ඉඩම් ලබාගැනීමේ දී ඊට සරිලන අයුරින් අනිවාර්යයෙන් යළි ‘වන වගාවන්‘ සිදුකළ යුතු බව  රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පරිසර වැඩසටහන මගින් අවශ්‍ය සහය සහ උපදෙස් ලබාදීමට හැකියාව පවතින බව එරික් සෝල්හයිම් මහතා ප්‍රකාශ කර ඇත.

අලි ඇතුන්, තල්මසුන් සහ ඩොල්ෆින් සංරක්ෂණය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

Related posts

මැලේරියාව නැවත පැතිරයාමේ දැඩි අවධානමක්.

Mohamed Dilsad

අගමැති මහින්ද මැල්කම් කාදිනල් රංජිත් හිිමිපාණන් බැහැදකී

Mohamed Dilsad

ප්‍රමිතියෙන් තොර පොලිතින් තොගයක් මාතලේදී සොයා ගැනේ

Mohamed Dilsad

Leave a Comment