ප්‍රමුඛ පුවත 1

ත්‍රස්ත ප්‍රහාර නිසා වෙසක් කලාප වලටත් බලපෑම්

(UTV| කොළඹ) – ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ නාග විහාරය,  ජයවර්ධන පුර කෝට්ටේ මහනගර සභාව සහ ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ මහ ලේකම් කාර්යාලයත් එක්ව සංවිධානය කරන වෙසක් කලාපය අත්හිටුවා තිබේ.

කෝට්ටේ ශ්‍රී නාග විහාරයේ විහාරාධිපති රාජකීය පන්ඩිත දර්ශනපති පුජ්‍ය වතුරුවිල සිරි සුජාත නාහිමියන් පවසන්නේ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳව සලකා බලා මෙම තීරණය ගත් බවයි.

ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ නාග විහාරයේ අද(25) පැවති සාකච්ඡාවනික් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.

කෝට්ටේ මන්සංධියේ සිට ජුබිලි කණුව මන්සංධිය දක්වා පවත්වන වෙසක් කලාපය අත්හිටුවා ඒ වෙනුවට මෙවර දාන ශීල භාවනා, ධර්ම දේශනා සහ ධර්ම සකච්ඡා සිදුකෙරෙන විශේෂ ආගමික වැඩ සටහන් පමණක් සිදු කරන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

” ඒකීය ශ්‍රී ලංකාවක් තුළ උපරිම බලය බෙදනවා” – සජිත් [VIDEO]

Mohamed Dilsad

ගුවන්තොටුපොළට පැමිණෙන ජනතාවට හා ඒ අවට පුද්ගලයන්ට දැනුම් දීමක්

Mohamed Dilsad

ජනපති, හිටපු ජනපති සහ රාජපක්ෂ පවුලේ කිහිප දෙනෙකු ඝාතනය කිරීමේ සැලැස්මක් ගැන හෙළිදරව්වක්

Mohamed Dilsad

Leave a Comment