ප්‍රමුඛ පුවත 1

විදේශ කටයුතු ඇමති විපක්‍ෂ නායකවරයා හමුවෙයි

(උදයම්,කොළඹ)   –  විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා සහ විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් මහතා අතර හමුවක් ඊයේ  (21) පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
පැයක පමණ වේලාවක් පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් විපක්‍ෂ නායකවරයා කියා සිටියේ රටක් ලෙස ඉදිරියට යෑම සඳහා වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ බවයි.
යහපාලන රජයේ ක්‍රියාකාරිත්වය ශක්තිමත් කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ මතය, විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවේ අවධානයට ලක් කළ බවද ආර්. සම්බන්ධන් මහතා මෙහිදී වැඩිඳුරටත් ප්‍රකාශ කළේය.
මෙම සාකච්ඡාව සඳහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී  M. A. සුමන්තිරන් මහතා ද එක්ව සිටියේය.

Related posts

හිටපු ජනපතිනියගේ නායකත්වයෙන් ශ්‍රීලනිපය ගොඩනගනවා [VIDEO]

Mohamed Dilsad

රුපියලේ අගය පහතට

Mohamed Dilsad

තද සුළඟින් වවුනියාවේ නිවාස කිහිපයකට හානි

Mohamed Dilsad

Leave a Comment