ප්‍රමුඛ පුවත 1

තද සුළඟින් වවුනියාවේ නිවාස කිහිපයකට හානි

(UTV|වවුනියාව) – ඊයේ පැවති වර්ෂාවත් සමඟ වවුනියාව ප්‍රදේශයට ඇති වු සුළං තත්වයක් බලපා තිබේ.

මේ හේතුවෙන් දිස්ත්‍රික්කයේ නිවාස 08 ක් හානියට පත්ව ඇති බව වවුනියාව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

වවුනියාව දකුණ,වවුනියාව උතුර හා සෙට්ටිකුලම ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයන්ට අයත් ස්ථිර නිවාස 08 ක මෙලෙස හානි සිදුව ඇත.

දිස්ත්‍රික්කයේ තාවකාලික නිවාස රැසක වහළයන්ගේ තහඩු ගැලවි ගොස් ඇති බවට වාර්තා වි ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය.

ඊට අමතරව වවුනියාව ප්‍රදේශයේ මාර්ග වෙතද ගස් කඩා වැටී ඇති අතර, වවුනියාව උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ‍යේ නිවසක තහඩු වහළ සම්පූර්ණයෙන් ගැලවි ගොස් ඇති බවද ප්‍රදේශවාසීහු පැවසූහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බහාලුම් ස්කෑන් පද්ධති ගැටලු රාශියක් [VIDEO]

Mohamed Dilsad

ජවිපෙ අද යළිත් විරෝධතාවයේ

Mohamed Dilsad

සාමාන්‍ය පෙළට මුහුණ දුන් අපේකෂකයින් 05 කගේ ප්‍රතිඵල අත්හිටුවීමට පියවර…

Mohamed Dilsad

Leave a Comment