ප්‍රමුඛ පුවත 1

තද සුළඟින් වවුනියාවේ නිවාස කිහිපයකට හානි

(UTV|වවුනියාව) – ඊයේ පැවති වර්ෂාවත් සමඟ වවුනියාව ප්‍රදේශයට ඇති වු සුළං තත්වයක් බලපා තිබේ.

මේ හේතුවෙන් දිස්ත්‍රික්කයේ නිවාස 08 ක් හානියට පත්ව ඇති බව වවුනියාව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

වවුනියාව දකුණ,වවුනියාව උතුර හා සෙට්ටිකුලම ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයන්ට අයත් ස්ථිර නිවාස 08 ක මෙලෙස හානි සිදුව ඇත.

දිස්ත්‍රික්කයේ තාවකාලික නිවාස රැසක වහළයන්ගේ තහඩු ගැලවි ගොස් ඇති බවට වාර්තා වි ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය.

ඊට අමතරව වවුනියාව ප්‍රදේශයේ මාර්ග වෙතද ගස් කඩා වැටී ඇති අතර, වවුනියාව උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ‍යේ නිවසක තහඩු වහළ සම්පූර්ණයෙන් ගැලවි ගොස් ඇති බවද ප්‍රදේශවාසීහු පැවසූහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ත්‍රස්ත ප්‍රහාර එල්ලවීමෙන් ගෝලීය වශයෙන් ඊට එරෙහිව එක්වීමේ වැදගත් කම සිහිපත් කළා – එක්සත් ජාතීන්ගේ මහ ලේකම් කියයි

Mohamed Dilsad

රටක ආර්ථික වර්ධනයට යහපත් කළමනාකරණය ඉවහල් වෙනවා – ඇමැති ආචාර්ය සරත් අමුණුගම

Mohamed Dilsad

ෆීල්ඩ් මාෂල් ධුරයට හිමි ගෞරවය නිසි පරිදි ලැබෙන්නේ නැහැ…

Mohamed Dilsad

Leave a Comment