ප්‍රමුඛ පුවත 1

ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර මහතාට නොතීසි

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය නොතීසි නිකුත් කරයි.

ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ පළ කළ ඇතැම් පුවත් මගින් අධිකරණයට අපහාසයක් සිදුව ඇති බවට චෝදනා කරමින් නීතීඥවරයෙකු වන මධුර විතානගේ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම් 14  අද (19) කැඳවූ අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය ලබාදී ඇත.

ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සළකා බැලූ අවස්ථාවේ විනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා සඳහන් කර ඇත්තේ අදාළ පෙත්සම් ඉදිරියට පවත්වාගෙන යාම සඳහා වගඋත්තරකරු වෙත නොතීසි නිකුත් කිරීම අවශ්‍ය බවයි.

ඒ අනුව පෙත්සම් සම්බන්ධයෙන් මාර්තු මස 03 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර මහතාගේ මාලඹේ ලිපිනයට නොතීසි  යොමු කිරීමට නියෝග කර තිබේ.

මීට පෙරාතුව ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් කවින්ද්‍යා නානයක්කාර මහත්මිය විසින් සඳරුවන් සේනාධීර යන අය අත්අඩංගුවට ගන්නා ලෙස ඉකුත් වසරේ නොවැම්බර් 25 වන දින ඉන්ටර්පෝල් වරෙන්තුවක් නිකුත් කරන ලදී.

Related posts

පෞද්ගලික බහලුම් සේවකන් තවදුරටත් වර්ජනයේ

Mohamed Dilsad

තෙවන වාරයේ පාසල් අධ්‍යන කටයුතු හෙට (02) ඇරඹේ

Mohamed Dilsad

විග්නේශ්වරන්ගේ නායකත්වය යටතේ නව සන්ධානයක්

Mohamed Dilsad

Leave a Comment