ප්‍රමුඛ පුවත 1

ඒ-9 මාර්ගයේ අනතුරකින් විහාරාධිපති හිමිනමක් අපවත් වෙති

(උදයම්,යාපනය)  –  යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ මැදවච්චිය පූනෑව ප්‍රදේශයේ සිදු වූ අනතුරකින් විහාරාධිපති හිමිනමක් නමක් අපවත් වී ඇති අතර රියදුරුද මිය ගොස් තවත් 07 දෙනෙකු තුවාල ලබා ඇති බවට මැදවච්චිය පොලීසිය පවසයි.

වව්නියාව පෙරිය උළුක්කුලමේ සිට ඊයේ රාත්‍රී 6 ට පමණ මැදවච්චිය දෙසට භික්ෂූන් වහන්සේ නමක් ත්‍රී රෝද රියකින් මැදවච්චිය දෙසට ගමන් කොට ඇති අතර මැදවච්චියේ සිට වෑන් රථයක් වව්නියාව දෙසට ගමන් කිරීමේදී ත්‍රී රෝද රථය හා වෑන් රථය මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට මූලික පරික්ෂණ වලින් හෙලි වී ඇතයි මැදවච්චිය පොලීසිය සඳහන් කළේය.

මෙම අනතුරින් අපවත් වී ඇත්තේ 36 හැවිරිදි පරන හල්මිල්ලැවේ විහාරාධිපති පෙරිය උළුක්කුලමේ සුනන්ද හිමියන් වන අතර මිය ගිය ත්‍රී රෝද රථය පැදවූ රියදුරු වූ 37 හැවිරිදි චමින්ද ධර්මසේන යන අය වෙයි ත්‍රී රෝද රථය වෑන් රියේ ගැටීම හේතුවෙන් වෑන් රියේ ගමන් ගත් 12 දෙනෙකුද තුවාල ලබා රෝහල් ගත කොට ඇත.

අදාල අනතුර සම්බන්ධයෙන් මැදවච්චිය පොලීසිය වැඩි දුර පරික්ෂණ පවත්වයි.

Related posts

තොරතුරු දැනගැනීමේ පනත පෙබරවාරි මුල සිට බලාත්මකයි

Mohamed Dilsad

ජනමාධ්‍ය ඉදිරියේ බුද්ධි නිලධාරීන්ගෙන් සිදුකරන ප්‍රශ්න කිරීම් ජනපතිගේ විවේචනයට

Mohamed Dilsad

නිහඩ කාලසීමාවේ ඡන්ද ප්‍රචාරණට එරෙහිව දැඩි නීතිය

Mohamed Dilsad

Leave a Comment