ප්‍රමුඛ පුවත 1

නිහඩ කාලසීමාවේ ඡන්ද ප්‍රචාරණට එරෙහිව දැඩි නීතිය

 

(UTV | කොළඹ) – පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසන ආකාරයට ජනාධිපතිවරණයට අදාළ නිහඩ කාලසීමාව තුළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදුකරන පුද්ගලයින්ට කිසිදු තරාතිරමකින් තොරව නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

ගෙයින් ගෙට ගොස් අත්පත්‍රිකා බෙදා හැරීමේ සිට කණ්ඩායම් මැතිවරණ ප්‍රදාරණ කටයුතු පවා සිදුකිරීම තහනම් වන බව පොලිස් මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේය.

මැතිවරණයට අදාළ නීති ප්‍රකාර නිසි ආකාරව ඉටු නොකරන පුද්ගලයින්ට සිරදඩුවම් පවා ලබාදීමට සිදුවන අතර ජනාධිපතිවරණයට අදාළ නිවේධිත ශාඛා ඡන්ද කාර්යාල අංක එකට අදාළ මැතිවරණ කාර්යාල වල කටයුතු අදින් අවසන් කළ යුතු බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර එහිදි වැඩිදුරටත් සදහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රජයේ නිලධාරීන් අද මැදියමේ සිට වර්ජනයේ

Mohamed Dilsad

ඇමති මංගල අද ජිනීවා සමුළුව අමතයි

Mohamed Dilsad

උතුරේ ජනතාවගේ ප්‍රශ්නයට ප්‍රයෝගික වැඩපිළිවෙලක් අවශ්‍යයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment