ප්‍රමුඛ පුවත 1

ඥානසාර හිමියන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන 22දා

(උදයම්,කොළඹ)  – තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමට දින නියම කර තිබේ.

ඒ අනුව අදාළ පෙත්සම ලබන 22 සලකා බැලීමට අග්‍රවිනිශ්චරකාර ප්‍රියසාද් ඩෙප් සහ අනිල් ගුණරත්න යන විනිසුරු මඩුල්ල තීරණය කර ඇත.

එදිනට මේ සම්බන්ධයෙන් කරුණු දක්වන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කාර පාර්ශවයට දැනුම්දී තිබේ .

ජාතීන් අතර සුහදතාව කඩාකප්පල්කිරීමක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කොට්ඨාසය මගින් කිසිදු විධිමත් පරීක්ෂණයක් නොපවත්වා තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවත්, ඒ අනුව තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත්  ඥානසාර හිමියන් විසින් ගොනු කළ පෙත්සමෙන් ඉල්ලා ඇත.

Related posts

නීතිවිරෝධී මුහුදු කූඩැල්ලන් කිලෝ 598 ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට..

Mohamed Dilsad

මහ මැතිවරණය අගෝස්තු මුල් සතියේ

Mohamed Dilsad

ජාතික නිවාස දිනය අදයි

Mohamed Dilsad

Leave a Comment