Trending News

පොසොන්පුර පසළොස්වක පොහොය දින අදයි

(උදයම්,කොළඹ) – පොසොන්පුර පසළොස්වක පොහොය දින අදට (08) යෙදී ඇත.

අනුබුදු මහාමිහිදු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්ඨිය, උත්තිය, සම්බල, බද්දසාල යන රහතන් වහන්සේලාත්, ෂඩ් අභිඥාලාභී සුමන සාමණේරයන් සහ භණ්ඩුක නම් අනාගාමී උපාසකවරයා යන පිරිස ධර්මවිජය පිළිබඳ අනගිතම පණිවිඩය මූර්තිමත් කරමින් ශාන්තීය දූතයන් වශයෙන් ලංකාවේ අනුරාධපුර මිස්සක පව්වට වැඩමකර බු.ව 236දී  ලක්දිව බුදුසසුන පිහිටුවීම ප්‍රධාන වශයෙන් සිහිපත් කරමින් ලාංකීය බෞද්ධ ජනතාව පොසොන් පොහොය උත්සවශ්‍රීයෙන් සමරනු ලබයි.

අනුරාධපුරය මුල්කරගමින් බැතිමතුන් ප්‍ර‍ධාන පොසොන් ආගමික වතාවත්වල යෙදෙන අතර දිවයින පුරා බැතිමතුන් ද ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.

ගෞතම බෝධිසත්වයන් වහන්සේ බුදු වී සිව්වන සතියේ රුවන්ගෙයි වැඩහිඳිමින් ධර්මය මෙනෙහි කිරීමේදී  උන් වහන්සේගේ  ශරීරයෙන් ප්‍රථම වරට සවනක් ඝණ බුදුරැස් විහිදීම, ලක්දිව ප්‍රථම මහණ උපසම්පදාව වන භණ්ඩුක උපාසකතුමන්ගේ  මහණ උපසම්පදාව සිදුවීම ආදී අවස්ථාවන්ද පොසොන් පොහෝ දිනයේදී සිදු වූ ආගමික වැදගත්කමකින් යුතු සිද්ධීන් ලෙස සැළකිය හැකිය.

Related posts

Pakistan Foreign Minister hands over letter to President Rajapaksa [VIDEO]

Mohamed Dilsad

48 ஆடுகளை ஏற்றிச்சென்ற மூன்று பேர் கைது

Mohamed Dilsad

නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙක් බන්ධනාගාර ගත කරයි.

Editor O

Leave a Comment