ප්‍රමුඛ පුවත 1

ඩෙක්ස්ට්‍රෑන් නමැති ඖෂධ තොගයක් අද දිනයේ දිවයිනට

(උදයම්,කොළඹ)  –  ඩෙක්ස්ට්‍රෑන් නමැති ඖෂධ තොගයක් අද දිනයේ දිවයිනට පැමිණීමට නියමිත බව වෛද්‍ය සැපයුම් අංශය පවසයි.

මෙය ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අත්‍යාවශ්‍ය වන ඖෂධයකි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී  වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ලාල්පනාපිටිය මහතා පැවසුවේ අවශ්‍ය සියලු ඖෂධ තොග මේ වන විටත් රජය සතුව පවතින බවයි.

පසුගියදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් චෝදනා කළේ ඩෙංගු රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඩෙක්ස්ට්‍රෑන් ඖෂධය හිඟ කමක් ඇති බවටය.

නමුත් එවැනි හිඟයක් නොමැති බව වෛද්‍ය ලාල් පනාපිටිය මහතා පවසයි.

Related posts

MCC ගිවිසුම තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

හිටපු අගමැති දී.මු ජයරත්නට ජනපතිගේ අවසන් ගෞරවය

Mohamed Dilsad

‘ජන බලයට කොළඹට’ සැප්තැම්බරයට කල් යයි

Mohamed Dilsad

Leave a Comment