ප්‍රමුඛ පුවත 1

මෝටර් රථයකින් ගංජා ප්‍රවාහනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට

(උදයම්,යාපනය ) – යාපනය සිට කිලිනොච්චි දක්වා මෝටර් රථයකින් ගංජා කිලෝ 22 කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනේ.

අද අලුයම 2 ට පමණ ඔවුන් පලෙයි නගරයේ ඉන්ධන පිරවුම් හල ඉදිරිපිටදී අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය පැවසුවේ මෝටර් රථය පරීක්ෂා කිරීමේදී ඉදිරිපස අසුනේ පුද්ගලයෙකු ළඟ තිබී ගංජා පාර්සල් 6 ක් ද පිටුපස අසුනේ තිබී තවත් පාර්සල් 4 ක්ද  සොයා ගත් බවය.

සැකකරුවන් වැල්වැටිතුරේ සහ නෙල්ලි අඩි ප්‍රදේශ වල පදිංචිකරුවන් වන අතර ඔවුන් අද කිලිනොච්චි අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත්වේ

Mohamed Dilsad

ඔබේ ඡන්දය අපට ලබා දෙන්න

Mohamed Dilsad

මන්ත්‍රී දිනේශ් ඇතුලු 9 දෙනෙකුට නොතීසි

Mohamed Dilsad

Leave a Comment