ප්‍රමුඛ පුවත 1

මෝටර් රථයකින් ගංජා ප්‍රවාහනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට

(උදයම්,යාපනය ) – යාපනය සිට කිලිනොච්චි දක්වා මෝටර් රථයකින් ගංජා කිලෝ 22 කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනේ.

අද අලුයම 2 ට පමණ ඔවුන් පලෙයි නගරයේ ඉන්ධන පිරවුම් හල ඉදිරිපිටදී අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය පැවසුවේ මෝටර් රථය පරීක්ෂා කිරීමේදී ඉදිරිපස අසුනේ පුද්ගලයෙකු ළඟ තිබී ගංජා පාර්සල් 6 ක් ද පිටුපස අසුනේ තිබී තවත් පාර්සල් 4 ක්ද  සොයා ගත් බවය.

සැකකරුවන් වැල්වැටිතුරේ සහ නෙල්ලි අඩි ප්‍රදේශ වල පදිංචිකරුවන් වන අතර ඔවුන් අද කිලිනොච්චි අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

ලක්ෂ 09 කට අධික තරුණ තරුණියන්ගේ සහය සජිත්ට [VIDEO]

Mohamed Dilsad

කොරියානු විදේශ ඇමති හෙට දිවයිනට

Mohamed Dilsad

පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ ඉදිකිරීම් ජනපතිගේ නිරික්ෂණයට

Mohamed Dilsad

Leave a Comment