ප්‍රමුඛ පුවත 1

පොසොන් සතියේ විශේෂ දුම්රිය සේවා

(උදයම්,කොළඹ)  – පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක  කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ලබන 06 වනදා සිට 10 වනදා දක්වා මෙම දුම්රිය සේවාව ක්‍රියාත්මක  කරන බව දුම්රිය ගමනා ගමන අධිකාරි විජය සමරසිංහ මහතා පවසයි.

 ලබන 08 සහ 09 යන දිනවල අනුරාධපුරය – මැදවච්චිය සහ අනුරාධපුරය  – මහව අතර දුම්රිය ගමන්වාර ක්‍රියාත්මක කෙරේ.

මීට අමතරව අනුරාධපුරය සහ මිහින්තලය අතර එම දිනවලදී දුම්රිය ගමන්වාර 72ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

සාමාන්‍ය දුම්රිය සඳහා අමතර දුම්රිය මැදිරි එක් කිරිමට ද පියවර ගෙන ඇති බව  විජයසමරසිංහ මහතා සඳහන් කළේය.

 

Related posts

මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ නව විප්ලවීය වෙනසක් – සජිත්

Mohamed Dilsad

පුද්ගලයින් 25,000ක් තවදුරටත් සහන කඳවුරුවල: මියගිය පිරිස 214 දක්වා ඉහලට

Mohamed Dilsad

විගණන සේවා පනත ගැසට් කිරීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment