Trending Newsඑසැන පුවත්දේශීය

මහින්දානන්ද ට එරෙහි නඩුවේ අලුත්ම නියෝගය මෙන්න

කොළඹ මහාධිකරණය විසින් හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි යන මහත්වරුන්ට විරුද්ධව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන නඩුවේ මූලික විරෝධතා පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම මාර්තු මස 25 වන දා දක්වා කල් තබීමට තීරණය කර ඇත.

අදාළ නඩුව වුයේ 2015 වසරේ පැවැති ජනාධිපතිවරණය සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාලවලට බෙදාදීම සඳහා කැරම්බෝඩ් සහ දාම් ලෑලි ආනයනය කර බෙදා හැරීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි කියන චෝදනාවටය.

එම නඩුව අද (05) කැඳවූ අවස්ථාවේදී විත්තිකාර හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අය බන්ධනාගාර නිළධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇත. අද දිනයේ එම නියෝගය ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණද විනිසුරු බුද්ධික සී රාගල මහතා ප්‍රකාශ කළේ අදාළ නියෝගය සූදානම් නොමැති බවත් එය මාර්තු මස 25 වනදා ප්‍රකාශයට පත් කරන බවත්ය.

Related posts

நாடு கடத்தப்பட்ட மேலும் இருவர்…

Mohamed Dilsad

27 ஆம் திகதி முதல் இலங்கை போக்குவரத்து சபையின் புதிய பஸ்கள்

Mohamed Dilsad

ரஜினி கதையில் நடிக்கும் விஜய்

Mohamed Dilsad

Leave a Comment