එකට එකතු වී නිදහස ලැබුවා සේ ‘එකට එකතු වී රට ගොඩ නගමු’ යැයි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් සුබ පැතුම් එක්කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.
ගෙවී ගිය වසර 78ක කාලය තුළ අගතිගාමී නොවී රට පිළිබඳ විමසා බැලුවහොත් අප ලැබූ ජයග්‍රහණ රැසක් මෙන්ම පසුබෑම් රැසක්ම හඳුනා ගැනීමට හැකි ය. ඒවා පිළිබඳ විචාරශීලීව විමසා බලමින් වර්තමානයේ කටයුතු කිරීම යහපත් අනාගතයකට පදනමක් සැකසීමට හේතු වන බව සැම වටහා ගැනීම අත්‍යවශ්‍ය වූවක් බව ද එම පණිවිඩයේ සඳහන් කර තිබේ.
