Trending Newsඑසැන පුවත්දේශීය

අර්චුනා පාර්ලිමේන්තුව දෙවනත් කරයි | 159 ම එකමිටට ගනී

නාමල් රාජපක්ෂ සහ ශිරන්ති රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා කොටි ඩයස්පෝරාවට පොඩි සොමියක් ලබා දීමට ආණ්ඩුව කටයුතු කර ඇතැයි රාමනාදන් අර්චුනා මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.. පාර්ලිමේන්තුව අමතමින් රාමනාදන් අර්චුනා මහතා අද (03) එසේ ප්‍රකාශ කළේය.

කතානායක සිය තනතුරට අමතරව මන්ත්‍රී වරප්‍රසාදයද පාවිච්චි කර රු. ලක්ෂ 20ක පෙට්‍රල් භාවිත කළ බවට අල්ලස් කොමිෂමට පැමිණිලිකර ඇති බවද ආණ්ඩුවට මේවා ගැන නිහඬව සිටින්නට ලැජ්ජාවක් නැද්දැයි හෙතෙම ප්‍රශ්න කරයි.

පාර්ලිමේන්තුවේ සියලුම කෑම මාලිමාවේ මන්ත්‍රීවරුන් කා අවසන් කරන නිසා තමන්ට කෑම නොලැබෙන නමුත් කතානායකගේ පෞද්ගලික ලේකම්ට වෙනම කෑම ඇණවුම් කරන බවත් ඒ ගැනද අල්ලස් කොමිෂමට පැමිණිලි කර ඇතැයිද රාමනාදන් අර්චුනා පෙන්වා දෙයි.

මාලිමා මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් හොඳට කා බී මාදිවෙල නිවාසවලට ගොස් අඩියක් ගසා නිදා ගන්නා බවත් හොරු අල්ලන්නට පැමිණ ඩබල් කැබ් ගැනීමට සූදානම් වන්නේ තමන්ට ලැජ්ජාවක් නැද්දැයි පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කළේය.

Related posts

டொனால்ட் ட்ரம்பை சந்தித்த நரேந்திர மோடி

Mohamed Dilsad

UN Special Rapporteur to visit Sri Lanka

Mohamed Dilsad

நாலக டி சில்வா நாளை குற்றப் புலனாய்வுப் பிரிவிற்கு

Mohamed Dilsad

Leave a Comment