Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමා ආණ්ඩුවෙන් ආනයනය කළ බාල ගල් අඟුරු නිසා දිනකට මිලියන 75ක පාඩුවක්

දූෂණ විරෝධී යැයි කියාගන්නා,, ආණ්ඩුව විසින් ගෙන ආ බාල ගල් අඟුරු ටෙන්ඩරය හේතුවෙන් දිනකට රුපියල් මිලියන 75ක පමණ පාඩුවක් සිදුවන බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික මහතා කියයි.  

ආන්දෝලනාත්මක ලෙස ගෙන්වන ලද ගල් අඟරු නැව් තුනක් සම්බන්ධයෙන් අවධානය යොමුකර යුතු බවච ඒ මහතා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී කීය.

ඒ අනුව, ජනවාරි 2 සිට 9 දක්වා කාලය තුළ පළමු ගල් අඟුරු නෞකාවෙන් ලබාගත් ගල් අඟුරු පරීක්ෂා කිරීමේදී, ජනන යන්ත්‍ර මෙගාවොට් 15ක නිෂ්පාදන ධාරිතාවක් අහිමි වී ඇති අතර, ජනන යන්ත්‍ර තුනම එකතුවෙන් මෙගාවොට් 45ක බලශක්ති අහිමියක් සිදුව ඇති බව හෙතෙම අවධාරණය කරයි.

දෙවන ගල් අඟුරු නෞකාව සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පැහැදිලි තොරතුරක් නොමැති බවත්, ඒ පිළිබඳව වගකිවයුතු පාර්ශ්ව කිසිවකු නිශ්චිතවම කතා නොකරන බවත් ඔහු චෝදනා කළේය.

තෙවන නෞකාවෙන් ගිය මස 20 වැනි දින රාත්‍රියේ සිට 22 වැනි දින උදෑසන දක්වා දින එකහමාරක් තුළ ගල් අඟුරු සැපයූ නමුත්, එමගින් ජනනය විය යුතු මෙගාවොට් ප්‍රමාණයට වඩා මෙගාවොට් 100කට ආසන්න අඩුවක් පැවැති බවද ඔහු අනාවරණය කළේය. 

එම අඩුව පිරවීමට ඩීසල් භාවිතයෙන් විදුලිය ජනනය කිරීමට සිදුවීම හේතුවෙන් දිනකට රුපියල් මිලියන 75ක අමතර වියදමක් දරා ඇති බවත්, මෙය සෘජුවම විදුලි පාරිභෝගිකයා මත පටවන පාඩුවක් බවත් ඔහු මෙහිදී පැවැසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේ ද කියා සිටියේය.

”’නොරොච්චෝලේ බලාගාරයෙ බොයිලේරුව හරහා පරිසරයට මුදාහැරෙන අළු ප්‍රමාණය හේතුවෙන්, ඉදිරියේදී වැසි සහිත කාලගුණ තත්ත්වයන් සමග ජනතාවට සෞඛ්‍ය ගැටලු මතුවිය හැකියි. ඒ වගේම කියන්න ඕනේ මේ තත්ත්වය මත ආණ්ඩුව නොරොච්චෝලේ අවට ජනතාවට වහාම වන්දි ගෙවිය යුතුයි. නියමිත ලෙස ගල් අඟුරුවල අළු අන්තර් ගතය සියයට 11ක් විය යුතුයි. එය සියයට දහසය ඉක්මවන්නේ නම් එම ගල් අඟුරු ප්‍රතික්ෂේප කළ යුතුයි. මේ ආණ්ඩුව එසේ නොකළේ මන්දැයි බරපතළ ප්‍රශ්නයක් මතුව තියෙනවා. මෙම සිද්ධියෙන් පැහැදිලි වන්නේ ආණ්ඩුව ජනතාව හා විදුලි පාරිභෝගිකයා ආරක්ෂා කිරීම නොව, අදාළ ඉන්දියානු සමාගම ආරක්ෂා කිරීම සඳහා ක්‍රියා කරමින් සිටින බවයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම වහාම පරීක්ෂණයක් ආරම්භ කර, සිදු වූ සමස්ත පාඩුව ගණනය කර ජනතාවට අනාවරණය කළ යුතුයි ” 

Related posts

IATBU Conference commenced under President’s patronage

Mohamed Dilsad

‘கொழும்பு பாதுகாப்பு கருத்தரங்கு – 2018

Mohamed Dilsad

Saudi doctors get brief grace period to remain in Canada

Mohamed Dilsad

Leave a Comment