Trending Newsඑසැන පුවත්දේශීය

නැගෙනහිර පළාතේ රෝහල්වල වැඩ වර්ජනයක්

තෛපොංගල් උත්සවය හේතුවෙන් තාවකාලිකව අත්හිටවූ නැගෙනහිර පළාතේ රජයේ රොහල්වල වෛද්‍ය වර්ජනය අද (19) යළි ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරයි. .

නැගෙනහිර පළාතේ සියලුම රජයේ රෝහල්වල මෙම වෛද්‍ය වර්ජනය අද පෙ.ව. 8.00 සිට ක්‍රියාත්මක වේ.

ඔවුන්ගේ ඉල්ලීම්වලට රජයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බැවින් නැවත මෙසේ වැඩ වර්ජනය ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් පැවසීය.

අක්කරෙයිපත්තුව මුලික රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවලට අදාළව ඔහු එම ධුරයෙන් ඉවත් කර සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා පසුගිය අඟහරුවාදා දිනයේ සිට නැගෙනහිර පළාතේ සියලුම රජයේ රෝහල්වල වෛද්‍යවරු මෙම වර්ජනය ආරම්භ කර තිබුණි.

Related posts

நியூஸிலாந்து அணி முதலில் துடுப்பாட்டம்

Mohamed Dilsad

නව අගමැතිගේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද

Mohamed Dilsad

රිය අනතුරකින් පාසල් ශිෂ්‍යාවක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment