Trending Newsඑසැන පුවත්දේශීය

මහනුවර නගර සභාවේ වරිපනම් සියයට 500%කින් ඉහළ දමයි.

මහනුවර ජනතාව මත, නගර සභාව විසින් සියයට 500 කින් ඉහළ නැංවූ වරිපනම් බදු බරක් පටවා ඇති බව සමගි ජන බලවේගය පවසයි. 

එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රීනී චමින්ද්‍රාණි කිරිඇල්ල මහත්මිය මේ පිළිබඳව රජයට සිය විවේචනය එල්ල කළාය.

බලයට පත්වීමෙන් පසු ජනතාව පීඩාවට පත් කරන අධික බදු ඉවත් කරන බවට ජාතික ජන බලවේගය ලබා දුන් පොරොන්දුව මේ වන විට කඩ කර ඇති බව මන්ත්‍රීවරිය පෙන්වා දුන්නාය.

රජය විසින් අයවැය ලේඛන දෙකක් ඉදිරිපත් කර තිබුණද, පවතින බදු බර සැහැල්ලු කිරීමට හෝ නව බදු නොපැනවීමට දුන් සහතිකය ක්‍රියාත්මක වී නොමැති බව ඇය අවධාරණය කළාය.

අම්පිටිය සහ දළදා වීදිය මින් පෙර රුපියල් 1,400ක් ලෙස පැවති කාර්තු වරිපනම් මුදල රුපියල් 6,630ක් දක්වා ඉහළ දමා ඇත.

හේවාහැට ප්‍රදේශය රුපියල් 1,800ක්ව පැවති ගාස්තුව රුපියල් 7,000ක් දක්වා වැඩිකර තිබේ.

කටුගස්තොට වාණිජ අංශය රුපියල් 6,900ක්ව පැවති වරිපනම් ගාස්තුව සියයට 200කට වඩා වැඩි ප්‍රතිශතයකින් ඉහළ නංවා ඇත.

සමස්තයක් ලෙස වරිපනම් ගාස්තු සියයට 500ක් වැනි විශාල අගයකින් ඉහළ දැමීමට නගර සභාව පියවර ගෙන ඇති බව ඇය මෙහිදී අනාවරණය කළාය.

සුළි කුණාටු ආපදාවෙන් දිවයිනේ වැඩිම හානියක් සිදුවූයේ මහනුවර දිස්ත්‍රික්කයට බැවින්, එමගින් පීඩාවට පත් ජනතාවට සහන සලසනු වෙනුවට මෙලෙස අතිවිශාල බදු බරක් පැටවීම මානුෂීය නොවන බව මන්ත්‍රීවරිය ප්‍රකාශ කළාය.

මෙම තීරණය පිළිබඳව සමගි ජන බලවේගය සිය කණගාටුව පළ කරන බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.

Related posts

Update: CID to investigate O/L exam frauds

Mohamed Dilsad

දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන් සහ දිස්ත්‍රික් මැතිවරණ කොමසාරිස්වරුන්ගේ සාකච්ඡාවක්

Editor O

Bale scores as Real beat Espanyol

Mohamed Dilsad

Leave a Comment