Trending Newsඑසැන පුවත්දේශීය

දේශපාලන පක්ෂ 05 ක් ලියාපදිංචිය සඳහා සුදුසුකම් සපුරයි

නව දේශපාලන පක්ෂ පහක් ලියාපදිංචිය සඳහා සුදුසුකම් ලබා තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා කියයි. 

නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් පසුගිය දිනවලදීසම්මුඛ පරීක්ෂණ පවත්වන ලදි. 

ඒ අනුව ලියාපදිංචිය සඳහා දේශපාලන පක්ෂ 86ක් මෙවර අයදුම්පත් ඉදිරිපත් කර තිබිණි. 

ඊට අදාළව සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව ලියාපදිංචිය සඳහා සුදුසුකම් ලබා ඇත්තේ දේශපාලන පක්ෂ පහක් පමණි. 

එම දේශපාලන පක්ෂ පහ ලබන වසරේ (2026) ජනවාරි මාසයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

මැතිවරණ කොමිෂන් සභාවේ මේ වනවිට ලියාපදිංචි සමස්ත දේශපාලන පක්ෂ සංඛ්‍යාව 80කි. 

එම දේශපාලන පක්ෂ අතරින් අටක් අක්‍රිය තත්ත්වයේ පවතින්නේ ඒවායේ ලේකම්වරු නොමැතිවීම හේතුවෙනි. 

මීට පෙර දේශපාලන පක්ෂ 83ක් ලියාපදිංචිව තිබුණද ඉන් තුනක් තහනම් කර තිබේ.

මූලාශ්‍රය – අරුණ

Related posts

උඩුනුවර සමූපකාරයෙන් මාලිමාවට අන්ත පරාජයක්

Editor O

பஹாத் எ மஜீத் ஜெனிவா பயணமானார்

Mohamed Dilsad

බලශක්තියෙන් සුරක්ෂිතවීමේ ස්ථීර සාර වැඩපිළිවෙළක් සඳහා ශී‍්‍ර ලංකාවට සහය ලබාදෙන බව ඔස්ටේ‍්‍රලියා අගමැති පවසයි

Mohamed Dilsad

Leave a Comment