Trending Newsඑසැන පුවත්දේශීය

ජපන් භූකම්පනයෙන් 30කට තුවාලයි; දහස් ගණනක් ජනතාව ආරක්ෂිත ස්ථානවලට

ඊසාන දිග ජපානයේ අමෝරි කලාපයේ වෙරළට කිලෝමීටර 80 ක් පමණ දුරින් ඇති වූ භූ කම්පනයෙන් පුද්ගලයින් 30 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වල දැක්වේ.

ඊසාන දිග ජපානයේ අමෝරි කලාපයේ වෙරළට කිලෝමීටර 80 ක් පමණ දුරින් කිලෝමීටර 50 ක් ගැඹුරින් රික්ටර් මාපකයේ 7.5ක ප්‍රභලත්වයකින් යුත් භූ කම්පනයන් ඊයේ (08) හටගෙන තිබිණි.

භූ කම්පනයක් සමග ප්‍රදේශ කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම් නිවේදන ද නිකුත් කර තිබුණි.

කෙසේවෙතත් සෙන්ටිමීටර් 70ක පමණ උසකින් මුහුදු රළ ගොඩබිමට පැමිණ ඇතත් සුනාමියෙන් කිසිවෙකුටත් ජීවිත හානි සිදුව නොමැත.

භූකම්පනය හේතුවෙන් එම ප්‍රදේශයේ දහස් ගණනක් ජනතාව නිවාස අතහැර ආරක්ෂිත ස්ථාන වෙත ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ජපාන අගමැතිනි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා තිබුණේ, සිදුව ඇති හානියේ තරම කඩිනමින් තක්සේරු කිරීම සඳහා රජය හදිසි කාර්ය සාධක බළකායක් පිහිට වූ බවය.

එමෙන්ම ඇය මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් පවසා ඇත්තේ, ජනතාවගේ ජීවිතවලට මුල් තැන දෙමින් ගත හැකි සෑම පියවරක්ම සිදුකරන බවය.

Related posts

මහා පරිමාණයෙන් කසිප්පු පෙරූ දෙදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

New Cabinet Spokespersons to be named today

Mohamed Dilsad

சிறைச்சாலை வரலாற்றில் அதிகளவிலான சிறைக்கைதிகள் வெசாக் தினத்தை முன்னிட்டு விடுதலை

Mohamed Dilsad

Leave a Comment