Trending Newsඑසැන පුවත්දේශීය

ආණ්ඩුව කියපු තවත් බොරුවක් ගැන, සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාරගෙන් අනාවරණයක්

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර මාධ්‍ය වෙත කරනු ලබන ප්‍රකාශ අසත්‍ය බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි. .

සමගි ජන බලවේගයේ මහ ලේකම්වරයා චෝදනා කරන්නේ, ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව රැස්කළ බවට රජය ජාත්‍යන්තර මාධ්‍යයට කරන ප්‍රකාශ මුළුමනින්ම අසත්‍ය බවයි.

මහලේකම් මද්දුමබණ්ඩාර මහතා වැඩිදුරටත් කියා සිටියේ, මෙවැනි ව්‍යසනකාරී තත්ත්වයකදී සතියකට වතාවක්වත් ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව රැස්විය යුතු බවයි. එසේ වුවද, ජනාධිපතිවරයා තවමත් ආපදා කළමනාකරණ ආයතන කිහිපයේ නිලධාරීන්වත් කැඳවා රැස්වීමක් පවත්වා නැති බවද මද්දුම බණ්ඩාර මහතා පෙන්වා දෙයි.

2005 අංක 13 දරන ආපදා කළමනාකරණ පනතට අනුව ව්‍යසන කළමනාකරණ ජාතික සභාව (National Council for Disaster Management – NCDM) ස්ථාපිත කරනු ලැබුවේ 2004 සුනාමි ව්‍යසනයෙන් පසු ඇති වූ ජාතික අවශ්‍යතාව මතය.

මෙම සභාවේ ව්‍යුහය අනුව එහි සභාපති ජනාධිපතිවරයා ය. උප සභාපති අග්‍රාමාත්‍යවරයා වන අතර සෙසු සාමාජිකයන් අතර විපක්ෂ නායකවරයා, අදාළ විෂයභාර අමාත්‍යවරුන්, පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් (හෝ ආණ්ඩුකාරවරුන්), පාර්ලිමේන්තුවෙන් නම් කරන ලද මන්ත්‍රිවරුන් සහ විශේෂඥයන් පස් දෙනකු ඇතුළත් ය .

අවශ්‍යතාව අනුව නිශ්චිත කාලයකට අමාත්‍යවරයකු සභාවට එක් කරගත හැකි බවද මෙම පනතේ සඳහන් වේ.

Related posts

இன்று பிரதமரை சந்திக்கும் ஐக்கிய தேசிய கட்சியின் பாராளுமன்ற உறுப்பினர்கள்

Mohamed Dilsad

ලුණු ත් නෑ.

Editor O

Navy secures several wins at 66th National and Veteran Lifesaving Tournament

Mohamed Dilsad

Leave a Comment