Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රීපාද වන්දනා සමය ඇර⁣ඹේ…..

ශ්‍රි පාද වන්දනා කිරීම  අද (04) දිනට යෙදුණු උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ කෙරිණ.

ශ්‍රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක, පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර, ධර්ම කිර්ති ශ්‍රි ත්‍රිපිටකාචාර්ය, ශ්‍රි සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන, බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න අනුශාසනා පරිදි පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානයේ සිට රත්නපුර අවිස්සාවේල්ල හැටන් මාර්ගය ඔස්සේත්, බලංගොඩ බගවන්තලාව මාර්ගය ඔස්සෙත්, රත්නපුර පලාබද්දල සහ රජමාවත ඔස්සේ (04) දින අලුයම වැඩම කරවු සදාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ ශ්‍රි පාද උඩ මළුව වෙත වඩම්මවා ශ්‍රි පාද පද්මය සුවද පැණින් දෝවනය කර ආගමික වතාවන් ගණනාවක් පැවැත්විමෙන් අනතුරුව (04) දින උදැසන යෙදුණු සුභ නැකතට වැඩම්ම වු සදාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ ශ්‍රි පාද උඩ මලුවේ තැන්පත් කිරිමෙන් පසු ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කෙරිණ.

මාර්ග හතරක් ඔස්සේ ශ්‍රි පාද වන්දනාසමය ආරම්භ කිරිම සඳහා පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානයේ සිට වැඩම කළ සදාතුක කරඬුව , සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරන  රැගත් රිය පෙරහැර ගමන් ගත් මාර්ග දෙපස එම රිය පෙරහැරට පුෂ්ප උපහාර දැක්විම ට විශාල බැතිමතුන් පිරිසක් මාර්ගය දෙපස රැඳී සිටියහ.

මෙවර හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන්ගේ ආරක්ෂාව උදෙසා විශේෂිත ආරක්ෂිත වැඩපිලිවෙලක් දියත් කර ඇති බවත්, ශ්‍රි පාද වන්දනාවේ මත්ද්‍රව්‍ය රැගෙන එන, මත්පැන් පානය කර සහ ප්ලාස්ටික් වතුර බෝතල් රැගෙන එන පිරිස් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට පොලිස් සුනඛ අංශයේද සහය ඇතිව විශේෂ සොදිසි මෙහෙයුම් ශ්‍රි පාද හැටන් මාර්ගයෙත්, හැටන් දුම්රිය ස්ථානයෙත්, නල්ලතන්නිය සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා දියත් කර ඇති බව හැටන් කොට්ඨාශභාර ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රදිප් විරසේකර මහතා පැවසිය.

රංජිත් රාජපක්ෂ   

Related posts

Ghosn: Former Nissan chief re-arrested on new claims in Japan

Mohamed Dilsad

විදුලිබිල යළි ඉහළට

Mohamed Dilsad

Mission to rescue animals in drowning islands in Morgahakanda

Mohamed Dilsad

Leave a Comment