Trending Newsඑසැන පුවත්දේශීය

මාධ්‍ය මර්ධනය කිරීමට වත්මන් ආණ්ඩුව ගන්නා උත්සාහය හෙළා දකිනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

පොලිස් සහතිකයක් ලබා ගැනීමේදී ජනතා විමුක්ති පෙරමුණේ සිවිල් ආරක්ෂක කමිටු සභාපතිවරුන්ගේ නිර්දේශ ලබා ගැනීමේ නව ක්‍රමවේදය සම්බන්ධයෙන් සත්‍ය රටට හෙළිදරව් කළ මාධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්වා ප්‍රශ්න කිරීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ.

අදාළ ප්‍රවෘත්තියක් පළ කිරීම හේතුවෙන් ‘අරුණ’ පුවත්පතේ කර්තෘවරයාව CIDය හමුවට කැඳවීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේය.

මාධ්‍යවේදීන් CIDය හමුවට ගෙන යන “නිවට ක්‍රියාවලිය” නතර කර, මාධ්‍ය නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට කටයුතු කළ යුතු බවද හෙතෙම අවධාරණය කළේය .

රජය මෙම නව ක්‍රමවේදය ප්‍රතික්ෂේප කළත්, විපක්ෂය එය සාක්ෂි සහිතව ඔප්පු කළ බව සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

ඔහු තවදුරටත් කියා සිටියේ, මෙම සත්‍ය රටට හෙළිදරව් කළ මාධ්‍යවේදීන් මේ මොහොත වන විට CIDය හමුවට කැඳවා ඇති බවයි.

විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ, සිවිල් ආරක්ෂාවට සිවිල් ප්‍රජාවේ සියලු දෙනා පක්ෂ, පන්ති භේදයෙන් තොරව එකට එකතු වී කටයුතු කළ සම්ප්‍රදාය ජනතා විමුක්ති පෙරමුණ උල්ලංඝනය කර ඇති බවයි.

“ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් මේවා පක්ෂයේ ආශිර්වාදයේ මත සිදු කරන බවත් සිවිල් ආරක්ෂාවට සිවිල් ප්‍රජාවේ සියලු දෙනා පක්ෂ පන්ති භේදයෙන් තොරව එකට එකතු වී කටයුතු කළත් දැන් මේ සම්ප්‍රදාය ජනතා විමුක්ති පෙරමුණ උල්ලංඝනය කර ඇති බවත්…” පැවසූ විපක්ෂනායකවරයා ජවිපෙ මේ සම්ප්‍රදාය උල්ලංඝනය කරමින්, රට තුළ ව්‍යවස්ථාපිත ඒකාධිපතීත්වයක් ස්ථාපිත කිරීම සඳහා එක පක්ෂයක් පමණක් මුළු රාජ්‍යයම මෙහෙයවන ඒකපාක්ෂික පාලනයක් ගෙන යාමට මෙවැනි ක්‍රියාදාමයන් සිදු කරන බවටද චෝදනා කළේය .

“ආණ්ඩුව විපක්ෂයේ සිටින විට මාධ්‍ය නිදහස, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය සම්බන්ධ පනත ඉවත් කිරිම ගැන කතා කළත් අද ඒකාධිපති වියරුවෙන් කටයුතු කර සත්‍ය ඉදිරියේ දේශපාලන නිවටයන් බවට පත් ව ඇති” බවට විපක්ෂ නායකවරයා රජයට චෝදනා කළේය.

Related posts

Helmut Kohl, father of German reunification, dies at 87

Mohamed Dilsad

Police: ‘Man with BB gun’ caused gay pride parade panic

Mohamed Dilsad

අය-වැය දෙවෙනිවර කියවීමේ විවාදය ඇරඹේ…

Editor O

Leave a Comment