Trending Newsඑසැන පුවත්දේශීය

අසාධාරණ ලෙස අත්අඩංගුවට ගත්තේ යැයි, පියා සහ පුතා, ග්‍රෑන්ඩ්පාස් පොලීසියෙන් කෝටි 10ක වන්දි ඉල්ලයි

යුක්තිය මෙහෙයුම පැවති අවස්ථාවේදී කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය මගින් තමන් අත්ඩංගුවට ගෙන මත්ද්‍රව්‍ය ළඟ තබා ගත්තේ යැයි චෝදනා කරමින් රිමාන්ඩ් භාරයට පත් කිරීම තුළින් සිදුවූ සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් වෙනුවෙන් රුපියල් කෝටි 10ක වන්දියක් අය කරදෙන ලෙස ඉල්ලා පිය පුතු දෙපළක් විසින් ඉදිරිපත් කළ මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (20) තීරණය කළේය.

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි වෙළෙඳ ව්‍යාපාරික පිය පුතු දෙදෙනෙකු වන  මොහොමඩ් සුලෙයිමාන් සහ ඉෆ්තාන් රාමතුල්ලා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

මෙම පෙත්සම පිළිබඳව මූලික වශයෙන් කරුණු තහවුරු කිරීමෙන් අනතුරුව යසන්ත කෝදාගොඩ, සෝභිත රාජකරුණා සහ මේනකා විජේසුන්දර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක වූ ඉකුත් වසරේ මාර්තු 14 වනදා වගඋත්තරකරුවන් තමන් පදිංචිව සිටි මහල් නිවාසයට පැමිණ පරීක්ෂා කර තමන්ට පහරදී අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන ගිය බවය. 

පසුව මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගත්තේ යැයි චෝදනා කරමින් තමන්ව අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් භාරයට පත් කළ බවත් ඔවුන් චෝදනා කරයි.

ඉන් අනතුරුව තමන්ව අධිකරණය විසින් ඇප මත මුදාහැර පසුව නිදහස් කෙරුණු බවත් ඔවුන් පෙන්වා දෙයි.

වගඋත්තරකරුවන්ගේ මෙම ක්‍රියා කලාපය තුළින් සිය මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඒ වෙනුවෙන් රුපියල් කෝටි 10ක වන්දියක් අය කරදෙන නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් වැඩි දුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා පෙනී සිටියේය.

Related posts

நாளை முதல் தேயிலைத் தோட்டங்களில் மீள்நடுகை வேலைத்திட்டம் ஆரம்பம்

Mohamed Dilsad

Govt’s must ensure peace – Religious Leaders

Mohamed Dilsad

பாடசாலை இலவச பாடப்புத்தகங்கள் தொடர்பாக வெளியாகியுள்ள தகவல்களில் எந்த உண்மையும் இல்லை

Mohamed Dilsad

Leave a Comment