Trending News

නිල සංචාරයක් සදහා ජනාධිපතිට ඉන්දුනීසියානු ජනාධිපතිගෙන් අරාධනා

(උදයම්,කොළඹ) –  ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විඩෝඩා (Joko Vidoda) එරට නිල සංචාරයක් සදහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ආරාධනාවක් කළ බව ඉන්දුනීසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඒ.එම්. ෆෂීර් (A.M Fachir) මහතා ජනාධිපතිවරයා වෙත දැනුම් දෙයි.

ඊයේ (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡුාවේදී ඒ.එම්. ෆෂීර් (A.M Fachir) මහතා මේ බව සදහන් කළේය.

ඒ අනුව ජනාධිපතිවරයා ලබන මස 6 – 7 දිනයන්හි ජාකර්තාහි පැවැත්වීමට නියමිත ඉන්දියානු සාගර කලාපීය සහයෝගීතා කවයේ සමුළුවට සහභාගී වීමට නියමිත අතර එය අවසන් වූ පසුව ඉන්දුනීසියාවේ නිල සංචාරය සදහා මෙලෙස ඇරයුම් ලැබ තිබේ.

නිල සංචාරය සදහා කළ ආරාධනය පිළිබද සිය ස්තුතිය පළකළ ජනාධිපතිවරයා එම සංචාරයේදී වෙළෙද ආයෝජන, ප‍්‍රවාහන හා සංචාරක ඇතුළු විවිධ ක්ෂේත‍්‍රයන් සංවර්ධනය කරගැනීම සම්බන්ධයෙන් ද්විපාර්ශවික සබදතා පැවැත්වීමට බලාපොරොත්තු වන බව ද සදහන් කළේය.

 

Related posts

தற்போதைய சூழ்நிலை தொடர்பான ஒத்திவைப்பு விவாதம் இன்று

Mohamed Dilsad

அஞ்சலோட்டத்தில் இலங்கைக்கு தங்கப் பதக்கங்கள்

Mohamed Dilsad

Ginigathhena landslide Tragedy: Body of missing shop owner recovered

Mohamed Dilsad

Leave a Comment