Trending Newsඑසැන පුවත්දේශීය

පොලිස්පතිගේ පැමිණිලි මත විනිසුරුවරු මාරු කිරීම වැරැදි පූර්වාදර්ශයක් – නාමල් රාජපක්ෂ

පහළ උසාවිවල මහේස්ත්‍රාත්වරුන් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ පැමිණිලි මත විනය ක්‍රියාමාර්ග ගෙන ඔවුන්ට ස්ථාන මාරු ලබාදීම බරපතළ වැරදි පුර්වාදර්ශයක් සපයන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

ඔහු එබව කියා සිටියේ, පාර්ලිමේන්තුවේ පැවති අධිකරණ අමාත්‍යාංශ  වැයශිර්ෂය පිළිබඳ කාරක සභා විවාදයේදී ය.

කිසියම් විනිසුරුවරයෙක් වැරදි තීරණයක් ලබාදුන්නේ යයි පොලිස් පැමිණිලිකරුවන්ට හැගේ නම් ඊට පිළියම වන්නේ විනිසුරුවරයා ස්ථාන මාරු කිරීමනොව ඉහළ අධිකරණයකට ඒ තීන්දුව සම්බන්ධව අභියාචනා කිරීම බවද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

විනය හේතු මතයයි කියමින් මෙලෙස හදිසියේ සිදු කරනු ලබන ස්ථාන මාරුවීමි නිසා විනිසුරුවරුන් ගේ දරුවන් පවා පාසල් වලට ඇතුලත් කර ගැනීම බරපතළ ප්‍රශ්නයක් වී ඇති බවද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීය.

ආණ්ඩුව කුමක් කීවත් අධිකරණ අමාත්‍යංශය වැඩියෙන්ම දේශපාලනීකරණය වූයේ වත්මන් ආණ්ඩුව යටතේ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ආණ්ඩුවේ ඉදිරිපෙළ අසුන්වල වාඩිවී සිටින ඇමතිවරුන්ට සම්බන්ධව නඩු විභාග කරමින් යුක්ති සහගත නියෝග ලබා දුන්ඇතැම් විනිසුරුවරියන්ට හදිසියේ ස්ථාන මාරු ලැබීමද ප්‍රශ්න සහගත බව නාමල් රාජපක්ෂ  මහතා අවධාරණය කළේය.

මේ ආණ්ඩුවේ පාරිශුද්ධ භාවය ආරක්ෂා කර ගැනීමට නම් මෙම තත්ත්වය වහා වෙනස් විය යුතු බව ඔහු වැඩිදුරටත් කීවේය.

Related posts

UNP immediately summons all Seat Organisers

Mohamed Dilsad

දියේ ගිලී මියගිය ක්‍රිෂ්ණමූර්ති පොලිස් සැරයන් නිලයට

Mohamed Dilsad

Closing ceremony of the Defence Services Games-2018 under President’s patronage

Mohamed Dilsad

Leave a Comment