Trending Newsඑසැන පුවත්දේශීය

නුවරඑළිය ඒකාබද්ධ කාල සටහන හේතුවෙන් ලංගම අදායම අහිමි වෙයි

ලංගම සහ පෞද්ගලික බස් රථ ඒකාබද්ධව ධාවනය කිරිමට නිකුත් කර ඇති කාලසටහන උල්ලංඝණය කරමින් මධ්‍යම පළාත් නුවරඑලිය මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය යටතේ පාලනය වන බල ප්‍රදේශවල වේලා සටහන්කරුවන් පෞද්ගලික බස් රථ ධාවනනය කිරිම නිසා හැටන් ලංගම ඩිපෝවට දිනකට 15%ක ආදායම් තත්වයක් අහිමි වී ඇති බව එම ඩිපොවේ කළමණකාරවරයා විසින් මධ්‍යම පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා වෙත ලිඛිතව දැනුම් දී ඇත.

හැටන් සහ නුවරඑලිය පෞද්ගලික බස් නැවතුම්පොළවල් වලින් නියමිත වේලාවට පෞද්ගලික බස් රථ ධාවනයට එක් කලද එම බස් රථ සිය ගමනාන්තය වෙත නියමිත වේලාවට ධාවනය නොකිරිම නිසා ඊට පිටුපසින් ලංගම බස් රථය ධාවනය කිරිම හමුවේ මෙම ආදායම් තත්වය පහළ බැස ඇති බවයි එම ලිපියේ සදහන් කර ඇත්තේ.

තවද හැටන් සහ පෞද්ගලික බස් රථ වේලා සටහන්කරුවන්ට පෞද්ගලික බස් රථවලින් සන්තෝසමක් ලැබෙන නිසා ලංගම සහ පෞද්ගලික ඒකාබද්ධ ධාවන කාලසටහන ඔවුන් විසින් ක්‍රියාත්මක නොකරන බවයි හැටන් ලංගම ඩිපොවේ උසස් නිළධාරියෙකු කියා සිටියේ.

අප මේ සම්බන්ධයෙන් මධ්‍යම පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ උසස් නිළධාරියෙකුගෙන් අප කල විමසුමකට ඔහු කියා සිටියේ මෙම ගැටළුව සම්බන්ධයෙන් දෙපාර්ශවයම හැටන් නගරයෙදි කැදවා (14) දින සාකච්ඡාවක් පැවැත්වීමට අවශ්‍ය කටයුතු කර ඇති බවයි.

රංජිත් රාජපක්ෂ .

Related posts

ජනපතිට සිංගප්පූරුවට ඇතුළුවීමට අවසර – එරට විදේශ අමාත්‍යංශය තහවුරු කරයි

Mohamed Dilsad

ගාලුමුවදොර උපවාසයේ නිරතව සිටි හිමිනම කොළඹ ජාතික රෝහලට

Mohamed Dilsad

Chinese company to construct South Asia’s tallest building ‘The One’ in Colombo

Mohamed Dilsad

Leave a Comment