Trending Newsඑසැන පුවත්දේශීය

අය-වැය දෙවෙනිවර කියවීම 07 වෙනිදා

විසර්ජන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීම හෙවත්, 2026 වර්ෂයේ අයවැය කතාව හෙට (07) දිනයේ සිදුකිරීමට නියමිතව තිබේ.

මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් හෙට පස්වරුවේ විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම සිදුකිරීමට නියමිතය.

ඒ අනුව අයවැය දෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් මස 8 වන දින සිට දින 6ක් පැවැත්වීමට නියමිත අතර දෙවන වර කියවීමේ ඡන්ද විමසීම 14 වන සිකුරාදා පස්වරු 6.00ට පැවැත්විමට නියමිතව තිබේ.

කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් මස 15 සිට දින 17ක් පැවැත්වීමට නියමිත අතර තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 5 වන දින පස්වරු 6ට සිදුකිරීමට නියමිතය.

Related posts

குளியாப்பிடிய நகரில் இரண்டு கடைகள் தீக்கிரை

Mohamed Dilsad

நைஜீரியா எரிவாயு சேமிப்பு கிடங்கில் பயங்கர தீ விபத்தினால் 18 பேர் பலி

Mohamed Dilsad

பாராளுமன்ற தெரிவுக் குழு ஐந்திற்கான உறுப்பினர்கள் பெயரிடப்பட்டுள்ளனர்

Mohamed Dilsad

Leave a Comment