Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

මත්ද්‍රව්‍ය තොග හුවමාරු, ජාත්‍යන්තර මධ්‍යස්ථානයෙක් ලෙස, එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ශ්‍රී ලංකාව නම් කරයි..

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද 2024 වාර්තාවට අනුව, මුහුදු මාර්ග ඔස්සේ ක්‍රියාත්මක වන නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමේදී ශ්‍රී ලංකාව සහ මාලදිවයින ප්‍රධාන ඉලක්කයන් බවට පත්ව ඇති බව අනාවරණය වේ. එම වාර්තාවේ සඳහන් වන්නේ මෙම රටවල් දෙක ප්‍රධාන මත්ද්‍රව්‍ය තොග හුවමාරු කිරීමේ ස්ථාන බවට පත්ව ඇති බවයි.

ශ්‍රී ලංකාව සහ මාලදිවයින ආසියාවේ ප්‍රධාන වශයෙන් මත්ද්‍රව්‍ය නිපදවන රටවල් වලට සමීපව පිහිටා තිබීම, විශාල වෙරළ තීරයන් සහ භූගෝලීය පිහිටීම හේතුවෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන හුවමාරු මධ්‍යස්ථානයක් බවට පත්ව තිබේ. 

ජාවාරම්කරුවන් විසින් අරාබි මුහුද, ඉන්දියන් සාගරය, මාලදිවයින සහ මුරුසී දූපත වටා ගමන් කරමින් ශ්‍රී ලංකාවට පැමිණෙන බව එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය සිය වාර්තාවෙන් පෙන්නවා දෙයි.

ශ්‍රී ලංකාව ආසන්නයේ පිහිටා ඇති ගෝල්ඩන් ක්‍රසන්ට් (ඉරානය, ඇෆ්ගනිස්ථානය සහ පාකිස්තානය) හරහා සින්තටික් මත්ද්‍රව්‍ය ලෙස හඳුන්වන ක්‍රිස්ටල් මෙත් සහ හෙරොයින් නැමැති කෘත්‍රිම වර්ගයේ මත්ද්‍රව්‍ය මෙරටට වැඩි වශයෙන් පැමිණෙන බව සඳහන්ය. 

මෙම මත්ද්‍රව්‍ය බෙදාහැරීම ස්ථානය සහ ඉරානය අතර පිහිටා ඇති මක්‍රන් වෙරළ තීරය හරහා ආරම්භ වන අතර, අප්‍රිකාවට බෙදා හැරීමෙන් පසු, නැවත බෙදා හැරීම සඳහා මාලදිවයින සහ ශ්‍රී ලංකාවටද ප්‍රවාහනය කරන අතර, ඒ හරහා ඕස්ට්‍රේලියාවට පවා මත්ද්‍රව්‍ය රැගෙන යන බව වාර්තා වී ඇත.

දේශීය වශයෙන්, වර්තමානයේ වනවිට මන්නාරම, කන්කසන්තුරේ, යාපනය, මුලතිව් සහ කල්පිටිය ආශ්‍රිත මුහුදු තීර ඔස්සේ වැඩි වශයෙන් කේරල ගංජා සහ මත් පෙති වැනි තහනම් ද්‍රව්‍ය රට තුළට රැගෙන එනු ලබන අතර, දකුණු මුහුද ආශ්‍රිතව හෙරොයින් සහ අයිස් වැනි මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමට ජාවාරම්කරුවන් කටයුතු කරන බවද එම වාර්තාවේ දැක්වේ. ජාවාරම්කරුවන් මෙම මත්ද්‍රව්‍ය ප්‍රවාහණය කිරීමට විශාල ප්‍රමාණයේ බහුදින ධීවර යාත්‍රා මෙන්ම විශාල භාණ්ඩ ප්‍රවාහණ නෞකාද උපයෝගී කරගන්නා බව එහි දැක්වෙයි.

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ආරක්ෂක අංශ සහ රජයේ ආයතන වලින් ලබාගත් තොරතුරු මත පදනම්ව සකස් කරන ලද මෙම වාර්තාවට අනුව, මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන සහ නීතිමය ආයතන තුළ ඇති දූෂණය ප්‍රධාන ගැටලුවක් ලෙස නම් කර ඇත. තවද, මත්ද්‍රව්‍ය සම්බන්ධ නීතිමය ක්‍රියාදාමයන්ට කාලය ගත වීමද දුර්වලතාවක් ලෙස පෙන්වා දී තිබෙනවා. එබැවින්, මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් පවතින නීතිමය රාමුව යාවත්කාලීන කර ශක්තිමත් කළ යුතු බව එම වාර්තාව නිර්දේශ කරයි

Related posts

Petition to remake ‘GoT’ season eight disrespectful: Sophie Turner

Mohamed Dilsad

Navy clinches the championship at the second stage of Dialog Inter Club Rugby Tournament 2017

Mohamed Dilsad

வாஷிங்டன் துப்பாக்கிச் சூட்டில் ஒருவர் உயிரிழப்பு

Mohamed Dilsad

Leave a Comment