Trending Newsඑසැන පුවත්දේශීය

විදුලි ගාස්තු සංශෝධනය කළ යුතුයි – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල

මෙරට විදුලි බල ගාස්තු සංශෝධන සෑම අවස්ථාවකදීම, විදුලි ඒකකයක් නිපදවීමට දරන පිරිවැය සම්පූර්ණයෙන්ම අයකර ගැනීමට හැකිවන ගාස්තු ව්‍යුහයක් සහතික විය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අවධාරණය කරයි.

එනම්, සෑම විටම විදුලි ගාස්තු තීරණය කිරීමේදී මෙම මූලධර්මය පදනම් විය යුතු බව ඔවුන් පෙන්වා දෙයි.

සියයට 6.8 කින් ගාස්තු ඉහළ දැමීමේ යෝජනාවක් මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් මෑතකදී ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දක්වමින් IMF මෙම අදහස් පළ කළේය.

මෙම අරමුදල තවදුරටත් කියා සිටියේ, රාජ්‍ය ව්‍යවසායන් තුළ පිරිවැය පියවාගත හැකි ගාස්තු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම මඟින් එම ආයතන මුහුණ දෙන මූල්‍ය අවදානම් තත්ත්වයන් වළක්වා ගැනීමට හැකි බවයි.

විදුලි ඒකකයක් නිපදවීමට අදාළ ඉන්ධන ඇතුළු සියලු වියදම් පාරිභෝගිකයාගෙන් අයකර ගැනීමේ ගාස්තු ක්‍රමයක් ස්ථාපිත කිරීම, මෙරට සඳහා IMF විසින් ලබා දී ඇති අරමුදල් වැඩසටහනේ ප්‍රධානතම අංගයක් ලෙසද ඔවුන් සඳහන් කළේය.

විදුලි ගාස්තු සංශෝධන කිහිප කරුණක් මත රඳා පවතින බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවසීය.

විනිමය අනුපාතයන් සහ පොලී අනුපාත පිළිබඳ පුරෝකථන, වර්ෂාපතන මට්ටම්, ඉන්ධන සහ ගල් අඟුරු වැනි වෙළෙඳ භාණ්ඩවල මිල ගණන් ඒ අතර ප්‍රධාන වේ.

එමෙන්ම, ජාත්‍යන්තර බොරතෙල් වෙළඳපොළේ මිල වෙනස්වීම් ද මෙරට විදුලි ගාස්තුවට සෘජුවම බලපාන බව එම අරමුදල විසින් අවධාරණය කරන ලදි.

මීට අදාළව, ලංකා විදුලිබල මණ්ඩලය (CEB) විසින් පසුගිය අගෝස්තු මස 24 වැනි දින සියයට 6.8 ක විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාවක් අනුමත කර ගැනීම සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර තිබුණි.

Related posts

දකුණේ පාතාලයට අයත් ගිනි අවි 12 ක් හෝමාගමදී අල්ලයි

Mohamed Dilsad

රාජිත සේනාරත්න ඇතුළු තිදෙනෙකුට සිතාසි

Mohamed Dilsad

Bus Unions and NTC meet to discuss fare revision today

Mohamed Dilsad

Leave a Comment