එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්වී බලවේගයක් ගොඩනැඟිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ප්‍රකාශ කරයි. .
අනෙකුත් පක්ෂ එකතු කිරීමට පෙර මෙම ප්‍රධාන පක්ෂ දෙක එකතු විය යුතු බවත්, අවශ්‍ය නම් ඊට පසුව තමන් පාපුවරුවට නැගීමට සූදානම් බවත් මන්ත‍්‍රීවරයා සඳහන් කළේය .
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේ අදහස් දැක්වූ අතර , තමන්ට දේශපාලනය නොකර සිටිය හැකි වුවද, වත්මන් ආණ්ඩුව ගෙදර යැවීමට ඕනෑම අයකුට උදව් කිරීමට තමන් සූදානම් බවද මන්ත්‍රීවරයා කීවේය.
