Trending Newsඑසැන පුවත්දේශීය

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවරක් පසුපසට ගනී

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට අද (01) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ට පැමිණීමට අවශ්‍ය නැති බව, එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය අංශය පැවසුවේ ඒ මහතාට අද (01) දිනයේ පෙනී නොසිටින ලෙස දැනුම් දුන් බවය.

හිටපු ජනාධිපතිවරයා එංගලන්තයේ සිදුකළ සංචාරයට අදාළව සිදුකරන විමර්ශනය සඳහා ප්‍රකාශයක් ලබාගැනීමට අද (01) පෙරවරු 9ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ඔහුට මීට පෙර දැනුම් දී තිබුණි.

සිද්ධියට අදාළව මීට පෙර ද සමන් ඒකනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන තිබිණ..

Related posts

Veteran journalist Ariyadasa Peiris bids-adieu to the nation

Mohamed Dilsad

Two persons from Tamil Nadu who jumped bail in Sri Lanka arrested off Dhanushkodi

Mohamed Dilsad

නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ ට වෙච්ච දේ…..

Editor O

Leave a Comment