Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රෝහලෙන් නික්ම යන දිනයක් තවම නැහැ

රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදාහැරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවත් පරීක්ෂණ කිහිපයක් සඳහා එම රෝහලේ වෙනත් ඒකකයකට මාරුකර යවා ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා කියා සිටී.

හිටපු ජනපතිවරයාගේ සුවදුක් බැලීමට ඊයේ (28) කොළඹ ජාතික රෝහල වෙත පැමිණි අවස්ථාවේදී ඒ මහතා මේ බව කියා සිටියේය.

කෙසේවුවද, ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා කියා සිටින්නේ ඒ මහතා තවදුරටත් ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිටින බවයි.

ඔහු රෝහලෙන් පිටව යන දිනයක් සම්බන්ධයෙන් වෛද්‍යවරුන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව වාර්තා වේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඇප ලබා ගැනීම සඳහා සුවිශේෂි කරුණු රැසක් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මණ්ඩලය අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

එහිදී රනිල් වික්‍රමසිංහ මහතාගේ සියලු රෝග සම්බන්ධ වාර්තා ඉදිරිපත් කර තිබු අතර එහි සඳහන් වී ඇත්තේ ඒ මහතාගේ හෘද වස්තුවේ ප්‍රධාන ධමනි 04න් 03ක් අවහිර වී ඇති බවය.

එමෙන්ම හෘද වස්තුවේ පටක මිය යාම මෙන්ම පෙනහළු ආසාදනයක් ද පවතින බව අධිකරණ හමුවේ වාර්තා කර තිබුණි.

ඒ අනුව එම රෝග තත්ත්ව පිළිබඳව සියලු වෛද්‍ය වාර්තා නීතීඥවරයා විසින් මේ වන විට අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

තවද හිටපු ජනාධිපතිවරයාට බරපතල ජීවිත අවධානමක් මතුව ඇතැයි ද ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා තිබුණි.

Related posts

R Kelly in custody over sex abuse charges

Mohamed Dilsad

රෝහල් රැසක ඖෂධ හිඟයක්…? පරීපූරක වෛද්‍ය වෘත්තීකයන් වැඩ වර්ජනයක් ඇරඹීමේ සූදානමක්…?

Editor O

பால்மா விவகாரம் – உண்மைகளை கண்டறிய உத்தரவு

Mohamed Dilsad

Leave a Comment