Trending Newsඑසැන පුවත්දේශීය

පාස්කු ප්‍රහාරය ගැන හෙළි නොවූ තොරතුරු රැසක් එළිකරනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්

පාස්කු ඉරිදා මේ දක්වා හෙළි නොවූ කරුණු රැසක්ම නියෝජ්‍ය ආරක්ෂක ප්‍රහාරයේදී අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග විවාදය ගෙන එන අවස්ථාවේදී පාර්ලිමේන්තුවේදී හෙළි කරන බව සමගි ජන බලවේගය කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කරයි..

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර ට එරෙහි විශ්වාසබංග යෝජනාව ලබන සඳුදා කථානායකවරයාට භාරදෙන මන්ත්‍රීවරයා කීවේය.

මෙම විශ්වාසභංග යෝජනාව සඳහා දින දෙකක් ඉල්ලා සිටින බවත්, හැකි තරම් ඉක්මනින්ම මෙම විවාදය පවත්වන ලෙසට කථානායකවරයාගෙන් ඉල්ලා සිටින බවත්, මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා කීවේය.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ, මෙම විශ්වාසභංග යෝජනාව සඳහා විපක්ෂයේ සියලුම පක්ෂ නායකයින් අත්සන් කර ඇති බවත්, දැනටමත් විපක්ෂයේ විශාල පිරිසක් මේ ගැන දැඩි උනන්දුවකින් කටයුතු කරන බවත්, පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සාධාරණ පරීක්ෂණයක් ආණ්ඩු විසින් සිදු කරනවා නම් නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා එම ධූරයෙන් ඉවත් කිරීමට අනිවාර්යෙන්ම ක්‍රියා කළ යුතු බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

යාපනය මනාප ප්‍රතිඵළ

Editor O

Sangakkara emphasises with “Enormous certainty” he will never enter politics

Mohamed Dilsad

அரசு வறிய மக்களின் இதயத் துடிப்பை புரிந்துகொண்டு செயற்படுகிறது – ஜனாதிபதி

Mohamed Dilsad

Leave a Comment