Trending Newsඑසැන පුවත්දේශීය

ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්නම් කියූ ජයසේකරට එරෙහිව විශ්වාසභංගයක්

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර සම්බන්ධයෙන් කරුණු 15 යටතේ විශ්වාසය භංග වී ඇති නිසා එම කරුණු 15 මුල් කරගෙන , අරුණ ජයසේකරට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට තීරණය කළ බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රකාශ කරයි.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (07) පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා ප්‍රකාශ කළේ අරුණ ජයසේකර නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන විට පාස්කු ප්‍රහාරයේ පරීක්‍ෂණවලට සාධාරණයක් ඉටුවේද කියා සිතිය නොහැකි බවයි.

ඒ අනුව පාස්කු ඉරුදින ප්‍රහාරයේ විමර්ශන කටයුතු සාධාරණව පවත්වාගෙන යාම සඳහා අරුණ ජයසේකර නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් ඉවත් විය යුතු බවත්, ඒ අනුව මෙම විශ්වාසභංග යෝජනාව ලබන සඳුදා පාර්ලිමේන්තුවේ කථානායකතුමාට භාරදීමට කටයුතු කරන බවත්, මුජිබර් රහුමාන් මන්ත්‍රිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

එහිදී මාධ්‍ය වෙත නිකුත් කළ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහි විශ්වාස භංගයෝජනාව පහත දැක්වේ,

Related posts

Navy Sampath further remanded

Mohamed Dilsad

Rs. 25,000 Fine for traffic violations

Mohamed Dilsad

ෆුල් ෆේස් හෙල්මට් භාවිතය වරදක් නොවන බව අභියාචනාධිකරණයේදී අනාවරණ වෙයි

Mohamed Dilsad

Leave a Comment