Trending Newsඑසැන පුවත්දේශීය

පොලිස්පතිවරයෙක් පත්කිරීමට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ විශේෂ රැස්වීමක්

පොලිස්පතිවරයෙක් පත්කර ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට (07 ) සවස රැස්වීමට නියමිත බව වාර්තාවෙයි.

නව පොලිස්පති ධූරය සඳහා වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සහා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක යන මහත්වරුන්ගේ නම් මේ වන විට යෝජනා වී තිබෙන බව වාර්තාවෙයි.

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත කරගත් යෝජනාව කථානායකවරයා විසින් ඊයේ (05) රාත්‍රියේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කර තිබේ.

ඒ අනුව නව පොලිස්පතිවරයාගේ නම අද දිනයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත යැවීමට නියමිතය.

ජනාධිපතිවරයා ගේ නිර්දේශය කෙරෙහි අවධානය යොමු කරමින් මෙරට 37 වැනි පොලිස්පතිවරයා කවුරුන්ද යන්න පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මතය ප්‍රකාශ කිරීමට නියමිතය.

Related posts

US Coast Guard says 16 of 21 crew members rescued from burning ship near Hawaii

Mohamed Dilsad

උමා ඔයේ වැඩ නිම කිරීමට ඉරානයෙන් කාර්මිකයන් 85 දෙනෙක්

Mohamed Dilsad

வியாபார நிலையம் ஒன்றில் தீப்பரவல்

Mohamed Dilsad

Leave a Comment