Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රී ලංකා අපනයන සඳහා සියයට 30% ඇමෙරිකානු තීරු බද්ද අගෝස්තු 01දා සිට ක්‍රියාත්මකයි..?

ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට අපනයනය කරනු ලබන භාණ්ඩ සඳහා අමතර 30%ක අන්‍යෝන්‍ය තීරු බද්ද අගෝස්තු 01 වෙනිදා සිට පැනවීමට නියමිත බැවින්, ශ්‍රී ලංකාවේ අපනයන අංශය ඇමරිකානු වෙළඳපොළ තුළ දැඩි අභියෝගයකට මුහුණ දෙනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පවසති.

දැනට ක්‍රියාත්මක බදු අනුපාතයන්ට අමතරව මෙම නව බදු පැනවීමත් සමඟ, ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර පැවති සාකච්ඡා මෙතෙක් අවසන් එකඟතාවයකට පැමිණ නොමැති බව වාර්තා වේ.

මෙම නව තීරු බදු පැනවීම ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ට බරපතල බලපෑමක් එල්ල කරනු ඇත.

විශේෂයෙන්, ඇමරිකාවේ අඩු තීරු බදු සහන ලබා ඇති ඉන්දුනීසියාව, පිලිපීනය, වියට්නාමය වැනි රටවල් සමඟ තරඟ කිරීමේදී ශ්‍රී ලංකාවට අවාසිදායක තත්ත්වයක් උදා වනු ඇත. මෙම රටවල් වලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ නිෂ්පාදන පිරිවැය ඉහළ යාම, ඇමරිකානු වෙළඳපොළේ තරඟකාරීත්වය තවදුරටත් අවම කරනු ඇත.

අනෙක් අතට, ඇමරිකානු පාරිභෝගිකයාටද මෙම නව බදු හේතුවෙන් අමතර මුදලක් ගෙවා භාණ්ඩ මිලදී ගැනීමට සිදුවීම, ඔවුන්ගේ මිලදී ගැනීමේ හැකියාව අඩු කිරීමට බලපානු ඇත. මෙය සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවේ අපනයන ආදායමට සැලකිය යුතු බලපෑමක් එල්ල කරනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.

තවද, ශ්‍රී ලංකාව තුළ පවතින සාපේක්ෂව ඉහළ බලශක්ති පිරිවැය මෙන්ම ශ්‍රම පිරිවැයද, ඇමරිකානු වෙළඳපොළේ ශ්‍රී ලංකා අපනයනවල තරඟකාරීත්වයට දැඩිව බලපාන තවත් ප්‍රධාන සාධකයකි. මෙම අභ්‍යන්තර සාධක සහ නව බදු පැනවීම් යන දෙකම එක්ව ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට ද්විත්ව අභියෝගයක් එල්ල කරනු ඇත.

වර්තමාන ආර්ථික තත්ත්වය තුළ අපනයන ආදායම රටට අතිශයින් වැදගත් වන බැවින්, මෙම නව තීරු බදු පැනවීම ශ්‍රී ලංකාවේ සමස්ත ආර්ථිකයටම අහිතකර බලපෑමක් ඇති කළ හැකි බව විශ්ලේෂකයෝ පවසති.

Related posts

ඡන්දය නොපැවැත්වීම ගැන ගොනුකළ පෙත්සම් පිළිබඳ තීරණයක්

Mohamed Dilsad

ඉන්ධන බෙදුම්කරුවන්ට රුපියල් මිලියන 31,021.07ක් වැඩිපුර ගෙවූ සංස්ථා ලොක්කෝ රට පැනලා.

Editor O

Syria war: Damascus sees fierce clashes after rebel attack

Mohamed Dilsad

Leave a Comment