දේශීය

දින 14 ක් තුළ සිදුකල වැටලීම් වලින් 25000 කට වැඩි පිරිසක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – පොලීසිය විසින් දිවයින පුරා ගත වූ සති 2 තුළ සිදුකරන ලද වැටලීම්වල දී සැකකරුවන් හා වරෙන්තුකරුවන් 25000 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. 

පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේ පසුගිය 06 වැනිදා සිට ඊයේ (20) මධ්‍යම රාත්‍රිය දක්වා දිවයිනේ පොලිස් ස්ථාන මගින් මෙම වැටලීම් සිදුකළ බවය.

එහිදී හෙරොයින්, ගංජා, අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ චෝදනා මත සැකකරුවන් 6,820 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම අදාළ කාලය තුළ වරෙන්තුකරුවන් 5110 දෙනෙකු සහ වෙනත් වැරදිවලට අදාළව සැකකරුවන් 8750 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.

Related posts

නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංගය ගැන, විපක්ෂයේ පක්ෂ නායකයෝ විශේෂ සාකච්ඡාවක

Editor O

කොරෝනා රෝගීන්ගෙන් සුවය ලැබූ සංඛ්‍යාව 800 ඉක්මවයි

Mohamed Dilsad

විශ්ව විද්‍යාලවල කඩඉම් ලකුණු ඉදිරි සති 02 ඇතුළත

Mohamed Dilsad

Leave a Comment