Trending Newsඑසැන පුවත්දේශීය

මහින්දානන්ද ට සහ නලින් ප්‍රනාන්දුට තවත් නඩුවක්

සිර දඬුවම් විඳිමින් සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අයටත්, ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි මහතාටත් අද (21) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දෙන ලදි.

ඒ 2014 ජනාධිපතිවරණය සමයේ ස.තො.ස හරහා කැරම්බෝඩ් හා දාම් ලෑලි ආනයනය කර දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් ක්‍රීඩා සංගම්වලට බෙදා දීම සම්බන්ධයෙන් වන සිද්ධියට අදාළවය.

ඉන් අනතුරුව මෙම විත්තිකරුවන් තිදෙනා ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා නියෝග කළේය.

මෙම නඩුවේ විත්තිකරුවන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අය දැනටමත් වෙනත් නඩු සඳහා සිරදඬුවම් විඳිමින් සිටින බැවින්, ඔවුන්ව මීළඟ නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

Related posts

கித்துள் தொழில் துறைக்கென அதிகார சபை

Mohamed Dilsad

கடந்த ஆறு மாதங்களில் 18 மில்லயன் ரூபாவுக்கும் அதிகமான பீடீ சுற்றும் இலைகள் மீட்பு

Mohamed Dilsad

ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කරයි.

Editor O

Leave a Comment