ප්‍රමුඛ පුවත 1

කළු, කැලණි, ගිං, ගංගා පිටාර ගලයි; පහත් බිම් ජනයා ඉවත් කෙරේ

(උදයම්, කොළඹ) – පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ගං වතුර තත්ත්වයක් හටගෙන තිබේ.

ගිං ගඟ සහ නිල්වලා ගඟ පිටාර ගැලීමත් සමඟ මෙම ගං වතුර තත්ත්වය හටගෙන ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ගිං ගඟ පිටාර ගැලීමත් සමග ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, තවලම, නාගොඩ, වැලිවිටිය, දිවිතුර යන ප්‍රදේශවල ජල ගැලීම් තත්ත්වයක් හටගෙන තිබේ.

නිල්වලා ගඟ අවට පහත්බිම් වල සිටින ජනයා අවධානයෙන් සිටිය යුතු බවත්, කොක්දූව,මාලිම්බඩ, අකුරැස්ස ප්‍රදේශවල ජනයා ඉවත්විය යුතුව ඇති බවත් දිස්ත්‍රික් ලේකම්වරයා විසින් නිවේදනය කර ඇත.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළ යයි [UPDATE]

Mohamed Dilsad

එළඹෙන 05 වනදා එක්සත් ජාතික පක්ෂය හදිසි රැස්වීමක

Mohamed Dilsad

සහෝදරත්වය සඳහා වූ බුද්ධිමය සංවාදය මහනුවරදී.

Mohamed Dilsad

Leave a Comment