Trending Newsඑසැන පුවත්දේශීය

ඉන්දියාවේ ගුවන් අනතුරෙන් 290 ක් මරුට

ඉන්දියාවේ අහමදාබාද් හිදී ගුවන් යානයක් කඩාවැටී ඊයේ(12) දහවල් සිදු වූ බිහිසුණු අනතුරෙන් මියගිය ගණන 290ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

‘එයාර් ඉන්දියා’ ගුවන් සේවයට අයත් යානයක් අහමදාබාද් සිට ලන්ඩන් දක්වා ගමන්කරමින් සිටියදී මෙම අනතුර සිදුවිය.

අනතුර සිදුවන විට ගුවන් යානයේ මගීන් හා කාර්ය මණ්ඩලය ඇතුළුව 242ක පිරිසක් සිටි අතර, ඉන් එක් මගියෙකු හැරෙන්න සෙසු සියලු දෙනාම ජීවිතක්ෂයට පත්විය.

කෙසේ නමුත් ගුවන් යානය අහමදාබාද් තොටුපොළෙන් පිටත පිහිටි වෛද්‍ය විද්‍යාල නේවාසිකාගාරයක් මතට කඩා වැටීම හේතුවෙන් සෙසු මරණ සංඛ්‍යාව සිදුව ඇත.

ඉන්දීය පොලීසිය සඳහන් කර ඇත්තේ, මළසිරුරු අතර මගීන් සහ බිම සිටි පුද්ගලයින් යන දෙපාර්ශ්වයම සිටින බවයි.

මියගිය අය අතර අහමදාබාද් ප්‍රධාන නගරය වන ගුජරාට් ප්‍රාන්තයේ හිටපු මහ ඇමති විජේ රූපානි ද සිටි ඇති බව වාර්තා වේ.

2014 වසරේ දී මැලේසියානු ගුවන් සේවයට අයත් යානයක් ඇම්ස්ටර්ඩෑම් සිට ක්වාලාලම්පූර් දක්වා ගමන් කරමින් සිටියදී, නැගෙනහිර යුක්රේනයට ඉහළ අහසේ දී රුසියානු සහායලත් හමුදා කණ්ඩායමක් විසින් එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් කඩාවැටීම අවසන්වරට ලොව සිදු වූ බිහිසුණුම ගුවන් අනතුර විය.

එම අනතුරෙන් මගීන් 283ක් සහ කාර්ය මණ්ඩලයේ 15ක් ලෙස 298 දෙනෙකු මිය ගියහ. 

Related posts

இலங்கையில் அற்புதமான கல் ஒன்று கண்டுபிடிப்பு (photo)

Mohamed Dilsad

உயிர்த்த ஞாயிறு தாக்குதல் – இடைக்கால அறிக்கை விரைவில்

Mohamed Dilsad

“Sagala, no longer works for Prime Minister Office,” Rohan Welivita says

Mohamed Dilsad

Leave a Comment