Trending Newsඑසැන පුවත්දේශීය

විදුලි ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් කරන දිනය ගැන ඉඟියක්

2025 වසරේ දෙවන අර්ධය සදහා විදුලි ගාස්තු සංශෝධනය මෙම සතිය අවසන් වීමට පෙර ප්‍රකාශයට පත්කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසයි. එහි සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා සඳහන් කළේ ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාවට අදාළව මහජන අදහස් වීමසීමෙන් අනතුරුව එහි සමාලෝචන කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බවය.

“2025 වසරේ දෙවන අර්ධය සඳහා ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපත්කළ විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලිය හෙවත් 18.3%ක වැඩිවීමේ යෝජනාව සම්බන්ධයෙන් මහජන උපදේශන ක්‍රියාවලියක් ඒ උපදේශන ක්‍රියාවලිය තුළදී මහජනතාව විසින් ලබාදෙන ලිඛත සහ වාචික අදහස් යෝජනා අධ්‍යනය කිරීම අවසන් අදියරයේ පවතිනවා. ඒ වගේම යෝජනාව ගාස්තු ක්‍රමවේදයට ඇති අනුකූලතාවය පිළිබඳව ඒ සමාලෝචන කටයුතු අවසන් අදියරයේ පවතිනවා. ඒ නිසා බොහෝ වෙලාවට මේ සතිව තුළදී ඉදිරි අර්ධය සඳහා ක්‍රියාත්මක වන විදුලි ගාස්තු මොනවද ඒවා ක්‍රියාත්මක වෙන්නේ කවදාද කියන අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට හැකිවේවී යන අපේක්ෂාව තිබෙනවා. මේ සතිය තුළදී බොහෝවිට මේ අවසන් තීන්දුව ප්‍රකාශය පත්කරන්න පුළුවන් වේවී.”        

මේ අතර විදුලි බල මණ්ලය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ගෙන ආ යෝජනාව තුළින් මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ඒකාබද්ධ විදුලි සේවක සංගමය පවසයි. එහි ලේකම් එල්.පී.කේ කුමාමුල්ල මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කළේ විදුලි බල මණ්ඩලය පෞද්ගලික සමාගම් 06කට විකිණීමේ ක්‍රියාමාර්ගයක නිරත වන බවය.

Related posts

வெளிவந்த செய்தி உண்மை இல்லை

Mohamed Dilsad

அமைச்சர் காமினி ஜயவிக்ரம பெரேரா, ஜனாதிபதி விசாரணை ஆணைக்குழுவுக்கு

Mohamed Dilsad

Gazette issued imposing Rs. 25,000 fine for traffic offences

Mohamed Dilsad

Leave a Comment