Trending Newsඑසැන පුවත්දේශීය

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී යෝග්‍යතා පරීක්ෂණයක් අනිවාර්යය කිරීමේ සූදානමක්

ඉදිරියේදී වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී වාහනයේ දුම් පරීක්ෂාවට අමතරව යෝග්‍යතා පරීක්ෂණ සහතිකයක් නිකුත් කිරීම අනිවාර්ය කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබේ.  මේ සම්බන්ධ මූලික කටයුතු සහ වැඩපිළිවෙළක් සැකසීමට අවශ්‍ය කටයුතු මේ වනවිටත් ආරම්භ කර තිබෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙරට ලියාපදිංචි වාහන අසූනව ලක්ෂයකට අධික ප්‍රමාණයක් ඇතත් මාර්ගවල ධාවනය වන්නේ වාහන හැටලක්ෂයක් පමණි. ඒ බව අනාවරණය වන්නේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව යටතේ ඇති වායු විමෝචන භාරකාර අරමුදලේ දත්තවලිනි. එම අරමුදල මගින් වාහනවල දුම් පරීක්ෂණ කටයුතු සිදුකරන අතර එහි දත්තවලට අනුව වාහන ලක්ෂ විස්සකට අධික ප්‍රමාණයක් ගැන කිසිදු තොරතුරක් නැත.

වාහන ලක්ෂ දහයක් පමණ දුම් පරීක්ෂාවක් අනිවාර්ය නැති දෙමුහුන් හා විද්‍යුත් වාහන වේ. වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී දුම් පරීක්ෂණ සහතිකය අනිවාර්ය වන නමුත් බොහෝ වාහනවල කාර්මික දෝෂ හඳුනා ගැනීමක් මෙපමණ කාලයක් සිදුකර නැත. එය බොහෝ අනතුරුවලට ද හේතුවී ඇතැයි ප්‍රවාහන අමාත්‍යාංශයේ උසස් නිලධාරියකු සඳහන් කළේය.

මේ අනුව මාර්ග ආරක්ෂක නව වැඩපිළිවෙළට අනුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඍජු අධීක්ෂණය මත මෝටර් වාහනවල කාර්මික තත්ත්ව පිළිබඳ යෝග්‍යතා සහතික නිකුත් කිරීමේ වැඩපිළිවෙළක් ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර සිටින බව ද එම නිලධාරියා කීවේය.

Related posts

Sri Lankan falls to death in Kuwait

Mohamed Dilsad

Conor McGregor: UFC star arrested in Miami for allegedly smashing fan’s phone

Mohamed Dilsad

වී මිලදී ගන්නා මෝල් හිමියන් ලියාපදිංචි වී​ම අනිවාර්යයි.

Editor O

Leave a Comment