Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමාවට ලොකු විපතක් : පාර්ලිමේන්තු මැතිවරණයට සාපේක්ෂව ඡන්ද පදනම ලක්ෂ 24කින් අඩුවෙයි.

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීම මේ වන විට අවසන් අදියරට පැමිණ තිබේ. ජාතික ජන බලවේගය ඡන්ද 4,503,930 ක් ආසන 3,927 ක් ලබා ගනිමින් ජයග්‍රාහකයා බවට පත්ව ඇත. මහ නගර සභා 23ක්ල නගර සභා 26ක් සහ ප්‍රාදේශීය සභා 217ක් ඇතුළුව පළාත් පාලන ආයතන 266ක එම පක්ෂය පෙරමුණ ගෙන සිටී.

සමගි ජන බලවේගය ඡන්ද 2,258,480 සමගින් දෙවන ස්ථානයට පත් වූ අතර සභා 13 කින් පෙරමුණ ගෙන ඇත. මෙවර මැතිවරණයේ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගය පළාත් පාලන ආයතන වැඩි ප්‍රමාණයක වැඩිම ඡන්ද ලබාගෙන ඉදිරියෙන් සිටියද ඉන් වැඩි ප‍්‍රමාණයක බලය පිහිටුවීම සදහා අවශ්‍ය බහුතරය හිමිව නැත.

එම පක්ෂය පසුගිය ජනාධිපතිවරණයේදී ලබා ගත් ජන්ද 5,740,179ට වඩා ලක්ෂ 12 ඉක්මවූ ඡන්ද අඩුවීමක් මෙවර දක්නට ඇති අතර එමෙන්ම පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී එම පක්‍ෂය ලබා ගත් ඡන්ද 6,863,186ට වඩා ලක්ෂ 24 ක පමණ ඡන්ද අඩුවීමකුන් දැකිය හැකිය. සමගි ජන බලවේගය පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්ද 4,530,902ක් ලබාගත් අතර පාර්ලිමේන්තු මැතිවරයේ ඡන්ද 1,968,716ක් ලබා ගත්තේය.

Related posts

Wimal Weerawansa’s corruption case fixed for May 16

Mohamed Dilsad

2028ம் ஆண்டு ஒலிம்பிக் போட்டிகளில் கிரிக்கெட் அறிமுகம்

Mohamed Dilsad

Kumar Dharmasena wins ICC Umpire of the Year

Mohamed Dilsad

Leave a Comment