Trending Newsඑසැන පුවත්දේශීය

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ඉල්ලා අස්වෙයි….?

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම්වරයා වෙත භාරදී ඇතැයි වාර්තා වේ.

නිශාන්ත අනුරුද්ධ ඉවත්වීමෙන් පසු පුරප්පාඩු වන එම තනතුර සඳහා මහාමාර්ග අමාත්‍යංශයේ උසස් නිලධාරියකු පත් කිරීමට යෝජනා වී ඇතැයි ද පැවසේ. එම තනතුරට අදාළ කැබිනට් පත්‍රිකාව අද (21) කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවද මේ අතර වාර්තා වේ.

ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස බිමල් රත්නායක පත්වීමෙන් පසුව මීට පෙර ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන, ලංකා ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය බන්දුල දිලීප විතාරණ, ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය රුවන් විජයමුණි යන මහත්වරුන් සිය තනතුරුවලින් ඉල්ලා අස්විය. 

නිශාන්ත අනුරුද්ධ ගේ ඉල්ලා අස්වීමත් සමග ප්‍රවාහන අමාත්‍යංශය හා අනුබද්ධ ආයතන හයක් අතුරින් ආයතන හතරක ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිය තනතුරුවලින් ඉවත්වීම විශේෂත්වයකි.

නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පාලනය කිරීම මගින් එම දෙපාර්තමේන්තුව වැඩිම ආදායම් උපයා දෙන රාජ්‍ය ආයතන පහ අතරට ගෙන ආ නිලධාරියකු ලෙස ද ප්‍රකටය.

Related posts

முறி மோசடி அறிக்கை தொடர்பான நாடாளுமன்ற விவாதம் குறித்த கூட்டம் இன்று மதியம்

Mohamed Dilsad

විදුලි ඉල්ලුම සපුරා ගැනීම සඳහා අතිරේක විදුලිය මිලදී ගැනීමේ සූදානමක්

Mohamed Dilsad

Two youths drowned in the Mahaweli river

Mohamed Dilsad

Leave a Comment